රතු වැස්සේ සහ කහ වැස්සේ ආසනික් නැහැ.

Friday, 04 January 2013 - 18:40

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%9A%E0%B7%84+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

රතු වැස්සේ සහ කහ වැස්සේ ආසනික් අඩංගු බවට පළ වන මත, අසත්‍ය බව පරමාණුක ශක්ති අධිකාරිය ප්‍රකාශ කරනවා. ගත වූ පැය 24 තුළ නානුඔය - එවොකාවත්ත ප්‍රදේශයෙන් රතු වැස්සක් වාර්තා වූ අතර, කතරගම -  පෙරගිරිගම ප්‍රදේශයට සහ අනුරාධපුර - නෑගම්පහ - කඹුක්කන්වැව ප්‍රදේශයට කහ වැසි ඇද හැලීම ද විශේෂත්වයක්.

මෑත කාලයේ මෙරටින් රතු වැස්සක් පළමු වරට වාර්තා වුණේ පසුගිය නොවැම්බර් 14 වන දායි. එහිදී කළ මූලික පරීක්ෂණවලදී හෙළි වූයේ එම රතු වැස්සෙහි ටෙ‍්‍රකොලමනාස් නම් ක්ෂුද්‍ර ජීවි වර්ගය සිටින බවටයි. අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම රතු වැස්සෙහි මෙන්ම කහ වැස්සේ ජල සාම්පල බ්‍රිතාන්‍යයේ කාඩිෆ් විශ්වවිද්‍යාලය වෙත ද යොමු කළා.

ඉන් අනතුරුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කාර්මික තාක්ෂණ ආයතනය පෙන්වා දුන්නේ රතු වැස්සෙන් ලබාගත් ජල සාම්පල් පරීක්ෂා කිරීමේදී එහි ආසනික් හා රිදී වැනි මූලද්‍රව්‍ය අඩංගු වන බවට තහවුරු වූ බවයි. මෙම මතය රජරට සරසවියේ කථිකාචාර්ය චන්න ජයසුමන ද පසුගිය දා සනාථ කළා.

[MP3]s50821_1[/MP3]                                    

එහෙත්, ශ්‍රී ලංකාවට ඇද හැලූණු රතු වැස්සේ හෝ කහ වැස්සේ ආසනික් අඩංගු නොවන බව පරමාණු ශක්ති අධිකාරිය අවධාරණය කරනවා. ඒ පිළිබදව අදහස් දක්වන එහි ජෛව විද්‍යා අංශයේ ප්‍රධානී වජිර වඩුගේ.

[MP3]s50821_2[/MP3]