නව නීති හදන්න. - එජාපය.

Friday, 04 January 2013 - 18:47

%E0%B6%B1%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

පාර්ලිමේන්තුවට අයත් කටයුත්තක් වන දෝෂාභියෝග විමර්ශනය සඳහා පවතින නීති ප්‍රමාණවත් නොවන නිසා අවශ්‍ය බලය ලබා ගැනීමට නව නීතියක් පාර්ලිමේන්තුව සම්මත කළ යුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එහි මහලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අර්ථ නිරූපණය මගින් ද දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේ විෂය පථයට අයත් කාර්යක් ලෙස පිළිගෙන ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂය මුල සිටම මෙවැනි ස්ථාවරයක් දැරුවත්, ඇතැම් පිරිස් ආණ්ඩුවට පහර ගසනවා වෙනුවට තම පක්ෂයට පහර ගැසූ බව මහලේකම්වරයා පවසනවා. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ කෙටුම්පත සම්මත කර ගැනීමෙන් දෝෂාභියෝග විමර්ශනයට අදාළ නව නීති රාමුව සකස් කර ගත හැකි බව ද ඔහු නිකුත් කළ නිවේදනයේ සඳහන්.

සිය ස්ථාවරය තවදුරටත් පැහැදිලි කළ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක.

[MP3]s50824_1[/MP3]                                             

පාර්ලිමේන්තුවේ කටයුත්තක් වන දෝෂාභියෝග විමර්ශනයට නව නීති සම්පාදනය කර ගත යුතු බවට වන යෝජනාව පිළිබද හිරු ප්‍රවෘත්ති අංශය ආණ්ඩුව පාර්ශවයෙන් ද විමසා සිටියා. ඊට ප්‍රතිචාර දැක්වූ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න.
 
[MP3]s50824_2[/MP3]



මත්කුඩු ජාවාරම්කාර රියාස් නානාගේ ගෝලයන් 13 ක් මහනුවරදී අත්අඩංගුවට
Friday, 05 June 2020 - 7:44

මහා පරිමාණ මත්කුඩු චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඞ් බන්ධනාගාරයේ... Read More

කොරෝනා වසංගතයෙන් පරිසර සංරක්ෂණයේ අගය, වටහා දෙන බව ජනපති පරිසර දින පණිවුඩයෙන් කියයි
Friday, 05 June 2020 - 7:34

ජගත් පරිසර දිනය අද සැමරෙනවා. මෙවර අප එය සමරන්නේ සොබාදහම සහ... Read More

බුත්තල ඓතිහාසික යුධගනාව රජ මහා විහාරයේ සිට
Friday, 05 June 2020 - 7:01

ශ්‍රී ලංකාවට බුදු දහමේ උරුමය හිමිවූ පොසොන් පුර පසලොස්වක පොහෝ... Read More