දිවි නැගුම ගැන මු.කො. තීරණය කල් යයි.

Saturday, 05 January 2013 - 7:38

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94.%E0%B6%9A%E0%B7%9C.+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

දිවි නැගුම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සම්බන්ධයෙන් සිය පක්ෂය ගන්නා තීරණය පිළිබද තවදුරටත් සාකච්ඡා කිරීමට මුස්ලිම් කොංග්‍රසය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලය ඊයේ (04) පැවැත් වූ අතර එහිදී අවසන් තීරණයකට එළඹීමට නොහැකි වූ බවයි එම පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ අනුව හෙට (06) දිනයේ දී ඒ පිළිබද සාකච්ඡා කිරීමට නියමිතයි. මේ වන විට දිවි නැගුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යුතු යෝජනා කිහිපයක් පුළුල් ලෙස සාකච්ඡා කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

 
මීට අමතරව සමසමාජ පක්ෂය ද හෙට (06) දිනයේ සිය මධ්‍යම කාරක සභාව කැඳවා තිබෙනවා. ඒ, දිවි නැගුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තම පක්ෂය ගත යුතු පියවර පිළිබද සාකච්ඡා කිරීමටයි.



ගංවතුර අවදානම පහව යයි
Saturday, 30 May 2020 - 17:11

වර්ෂාවත් සමග ඉහළ ගිය ගංගාවල ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින... Read More

කොරෝනා ආසදනයවී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 388 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:01

කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව... Read More

තවත් ආසාදිතයන් දෙදෙනෙක් හමුවෙයි - සමස්ත ආසාදිතයන් ගණන 1561ක්
Saturday, 30 May 2020 - 16:25

තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ... Read More