අඟහරුගේ රහස් සහරා කතරේ.

Saturday, 05 January 2013 - 11:17

%E0%B6%85%E0%B6%9F%E0%B7%84%E0%B6%BB%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A.

සහරා කතරෙන් හමුවූ අඟහරුගේ ඉපැරණි පාෂාණ කැබැල්ලකින් එහි භූ විද්‍යාත්මක සංයුතිය පිළිබඳ රහස් හෙළිකරගැනීමට හැකිවී ඇති බව ඇමරිකානු නාසා ආයතනය පවසනවා. මීට අවුරුදු බිලියන 2.1 කට පෙර නිර්මාණය වූ බවට විශ්වාස කෙරෙන මෙම අඟහරු පාෂාණ කැබැල්ල උල්කාෂ්මයක් ලෙසයි සහරා කාන්තාරයට පතිත වී ඇත්තේ. ග්‍රෑම් 320 ක් බරැති මෙම උල්කාෂ්මය නම් කර ඇත්තේ බ්ලැක් බියුටි යන නමින්. අඟහරුගේ මෑත කාලයේ ගවේෂණවලදී සොයා ගත් ජල සංයුතියට වඩා වැඩි ජල ප්‍රමාණයක් උල්කාෂ්මයේ තිබීම නව සොයාගැනීමට පදනම් වී තිබෙනවා. එමෙන්ම අඟහරු ග්‍රහයා මතුපිට ඉදිරියේදී සිදු කෙරෙන ගවේෂණ සඳහාද එය ප්‍රයෝජනවත් වනු ඇති බව නාසා ආයතනය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories