පිළියන්දලදී සිඟිති දියණිය ඝාතනය කළ පියා සියදිවි නසා ගනී.

Saturday, 05 January 2013 - 12:34

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%9F%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

පිළියන්දල මොරෑද ප්‍රදේශයේදී අවුරුද්දයි මාස 4 ක් වයසැති සිය සිඟිති දියණිය පහරදී ඝාතනය කළ බවට සැක කෙරුණු පියා ගෙළ වැළලාගෙන සියදිවි නසාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කහතුඩුව - පාලගම ප්‍රදේශයේ නිවසක තිබී ඔහුගේ සිරුර අද පෙරවරුවේ සොයාගත් බවයි. අනතුරුව එය, සිය සිඟිති දියණිය ඝාතනය කළ බවට චෝදනා එල්ලවූ 34 හැවිරිදි පුද්ගලයාගේ බවට පොලීසිය හඳුනා ගනු ලැබුවා.

 

ඊයේ උදෑසන පියාගේ පහරදීමෙන් රෝහල්ගත කරන අවස්ථාව වන විටත් සිඟිති දැරිය මිය ගොස් සිටියා. මීට පෙර දරුවන් තුන් දෙනෙකුගේ පියෙකු වූ සැකකාර පුද්ගලයා 17 හැවිරිදි බාල වයස්කාරිණියක් අපයෝජනයට ලක් කර ඇති අතර 8 මාසයක් බන්ධනාගාර ගත කෙරුණේ එම වරදටයි. අනතුරුව ඔහුගේ පළමු විවාහයේ බිරිද දරුවන් තුන් දෙනා සැකකරුට භාර දී දික්කසාද වී තිබුණා. බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණ ඔහු තමන් අතින් අපයෝජනයට ලක්වූ තරුණිය විවාහ කර ගෙන තිබුණේ සැකකරුට දාව ඇයට උපන් මෙම මිය ගිය කුඩා දැරිය ද සමගයි. තමන් සමග ගැටුම් ඇති කරගන්නා අවස්ථාවලදී මෙලෙස දැරියට පහරදෙන බව සිඟිති දැරියගේ මව ඊයේ පොලීසියට ප්‍රකාශ කර තිබුණා.

 

ගතවූ කාලය තුළ කුඩා දරුවන් සහ තම බිරිඳ ඝාතනය කළ පුද්ගලයන් පිලිබඳව තොරතුරු රැසක් අනාවරණය වුණා. ගල්කිස්ස - කල්දෙමුල්ල ප්‍රදේශයේදී සිය බිරිඳ සහ දරු දෙදෙනා ඝාතන කිරීම එලෙස ආන්දෝලනයට ලක්වූ එක් සිද්ධියක් පමණයි. හලාවත 26 කණුව ප්‍රදේශයේදීද සැමියෙකු විසින් ඊයේ සිය බිරිඳ පහරදී ඝාතනය කර තිබුණා. මෙවැනි සිද්ධීන් ඉහළ යාම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය රුහුණු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුරංජිත් ගුණසේකරගෙන් විමසීමක් කළා.

 
[MP3]s50862[/MP3]