ජගත් සංවිධානයට ශ්‍රී ලංකාවෙන් පිළිතුරු ලිපියක්.

Saturday, 05 January 2013 - 12:39

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

විනිසුරුවන් සහ නීතිවේදීන් පිළිබඳ ජගත් සංවිධාන විශේෂ නියෝජිතවරිය වන ගේබ්‍රියෙලා කනුල් මෙරට අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලිපියක් ලක් රජය විසින් යොමුකර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් යවා ඇති එම පිළිතුරු ලිපියේ සඳහන් කර ඇත්තේ අදාළ දෝෂාභියෝග ක්‍රියාමාර්ග දේශීය වශයෙන් පවතින නිවැරදි ක්‍රියාමාර්ග අනුව සිදුකර ඇති බවයි. එවැනි අවස්ථාවන්හිදී බල පැවැත්වෙන නීති සහ රෙගුලාසිවලට අනුව එම දෝෂාභියෝගය මෙහෙයවා ඇති බව එම ලිපියේ සඳහන්. එමෙන්ම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පදනම්  කරගත් අගවිනිසුරුවරියට එරෙහි චෝදනා සහ ක්‍රියාවලීන් පිළිබඳවද සිය ලිපියෙන් පැහැදිළි කළ බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. ජගත් සංවිධාන නියෝජිතවරිය පසුගිය දෙසැම්බර් 31 වැනිදා ප්‍රකාශ කළේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය මෙරට අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි බලපෑමක් ඇති කරන බවයි.

 
එහෙත් විදේශ කටයුතු අමාත්‍යවරයා යවා ඇති පිළිතුරු ලිපියන් ප්‍රකාශ කර ඇත්තේ මෙරට දෝෂාභියෝග ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දැක්වීමට පෙර කවර පාර්ශවයක් හෝ විවෘත මනසකින් යුතුව කරුණු සළකා බැලිය යුතු බවයි. මීට වසරකට පෙර පිලිපීනයේ අගවිනිසුරු දෝෂාභියෝගයකින් ඉවත් කිරීම ඇතුලූ සමගාමී සිද්ධීන් පිළිබඳවද විදේශ කටයුතු අමාත්‍යවරයා ජගත් සංවිධාන නියෝජිතවරිය වෙත යැවූ ලිපියෙන් සිහිපත් කර තිබෙනවා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 23:17

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735ක් දක්වා ඉහළ... Read More

අද රාත්‍රී 10 සිට 6 වනදා උදෑසන 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය - පොලිසියෙන් විශේෂ මාර්ග බාධක
Wednesday, 03 June 2020 - 22:25

අද (04) රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා (06) උදෑසන 4 දක්වා දිවයින පුරා... Read More

තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More