අමානාත්ගේ පෙම්වතා කථා කරයි.

Saturday, 05 January 2013 - 13:06

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

දිල්ලි නුවර බස් රථයකදී දූෂණයට ලක්වී සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය 23 හැවිරිදි ඉන්දීය වෛද්‍ය ශිෂ්‍යාවගේ පෙම්වතා ප්‍රථම වරට මාධ්‍ය වෙත සාකච්ඡාවක් ලබාදී තිබෙනවා. චිත්‍රපටයක් නරඹා අමානාත් සමග යළි නිවෙස් බලා යාමට රික්ෂෝ රථ කිහිපයක් නැවැත්වීමට ගත් උත්සාහය අසාර්ථක වීම නිසා ඇගේ ඉරණම විසඳු බස් රථයට ගොඩ වීමට සිදුවූ බවයි ඔහු එහිදී කියා සිටියේ. තමාට පහර දී බස් රථයේ රියදුරු අසුන ආසන්නට රැගෙන ගොස් අමානාට කුරිරු වද දෙමින් දූෂණය කළ ආකාරය තමාට දිවි ඇති තෙක් අමතක කළ නොහැකි බවත් ඔහු සඳහන් කළා.

 

බීමත් දූෂකයන් සමග පොර බඳිමින් සිය පෙම්වතා ද බේරා ගැනීමට උත්සාහ දැරූ ඇය පොලිස් හදිසි ඇමතුම් අංශය ඇමතීමට සැරසුණු අවස්ථාවේදී ඔවුන් එය උදුරාගෙන තිබෙනවා. දැඩි ලෙස පහර දී බස් රථයෙන් ඉවතට දැමූ පසු විනාඩි 25ක් පමණ ගත වන තුරු අසලින් ගිය කිසිවෙකු හෝ තමන්ගේ පිහිටට නොපැමිණි බවයි අමානාත්ගේ පෙම්වතා සඳහන් කළේ. පොලීසිය එහි පැමිණ ඇත්තේ ද විනාඩි 45කට පමණ පසුවයි.

 

එහි පැමිණිය ද තමා සහ අමානාත් රෝහල්ගත කිරීම වෙනුවට  පොලිස් ස්ථානය සමග අදහස් හුවමාරු කර ගනිමින් සිටි පොලිස් නිලධාරීන්  අවසානයේ තමන් රැගෙන ගියේ ඈත ප්‍රදේශයක පිහිටි රෝහලකට බවත්, ඔහු හෙළිදරව් කළා. මේ අතර, ඉන්දීය සී නිව්ස් රූපවාහිනිය මගින් මොහුගේ සම්මුඛ සාකච්ඡාව විකාශය කිරීමට එරෙහිව නඩු පැවරීමට දිල්ලි පොලීසිය තීරණය කර ඇතැයි වාර්තා වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories