තද සුළඟකින් බදුල්ලේ නිවාස 100 කට හානි.

Saturday, 05 January 2013 - 18:47

%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9F%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+100+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92.

බදුල්ල - හල්දෙමුල්ල, සහ හපුතලේ යන ප්‍රදේශ හරහා අද (05) පස්වරුවේ හමාගිය තද සුළඟකින් නිවාස 100 කට පමණ අලාභ හානි සිදුව තිබෙනවා. ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සඳහන් කළේ අධික වර්ෂාව සමග මෙම සුළං තත්ත්වය හටගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිළි කළ ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂ සරත් ලාල් කුමාර.

[MP3]s50884_1[/MP3]

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් උතුරු මැද පළාතේ ප්‍රධාන ජලාශ කිහිපයක් වාන් දමමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. රාජාංගණය, කවුඩුල්ල, මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය, කන්තලේ ඇතුළු ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ යන බැවින් අවට පහත්බිම්වල ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කර සිටියා.

[MP3]s50884_2[/MP3] 

මේ අතර තද වැසි සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු සීමාවේ ධීවර කටයුතුවලින් වළකින ලෙස කළ දැනුම්දීම තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. දිවයිනට නැගෙනහිර දෙසින් පවතින වායු ගෝලයේ අඩු පීඩන කලාපය හේතුවෙන් ඉදිරි පැය 48 ක කාලසීමාව තුළ තද වැසි බලාපොරොත්තු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල සඳහන් කළේ.

[MP3]s50884_3[/MP3]

පසුගියදා ඇතිවූ තද වැසි හේතුවෙන් අනුරාධපුර - ගලෙන්බිදුණුවැව - කිවුලේකඩ වැවේ වැව් බැම්ම කැඞී යාම හේතුවෙන් එම ප්‍රදේශයේ කුඹුරු අක්කර 200 කට පමණ හානි සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. 2010 වසරේද මේ ආකාරයටම කිවුලේකඩ වැවේ වැව් බැම්මට හානි සිදුවීමෙන් තමන්ගේ වගාවන් හානි වූ බවයි ඔවුන් සඳහන් කළේ.

[MP3]s50884_4[/MP3]

rn


මේ අතර මෙරට ජලගැලීම්වලින් පීඩාවට පත්ව සිටින පුද්ගලයින්ට ආධාර කිරීමට ජපානය ඉදිරිපත්ව තිබෙනවා. ජපාන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ රුපියල් මිලියන 32ක ආධාර මේ යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවයි. විශේෂයෙන්ම ආපදාවෙන් පීඩාවට පත්ව කඳවුරුවල රැඳී සිටින ජනතාවට පහසුකම් සැපයීමට අවශ්‍ය භාණ්ඩ මෙන්ම හානි වු නිවාස යථා තත්ත්වයට පත්කර ගැනීමට අවශ්‍ය කරන උපකරණ මේ යටතේ ලබාදීමට නියමිතයි.



තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More