පිළියන්දල සිඟිතිය ඝාතන සිද්ධියට මවත් අත්අඩංගුවේ.

Saturday, 05 January 2013 - 19:07

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%9F%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B7%9A.

පිළියන්දල - මොරැද ප්‍රදේශයේදී පියාගේ පහරකෑමට ලක්ව මියගිය අවුරුද්දයි මාස 4 ක් වයසැති සිඟිති දියණියගේ මව පොලිසිය අද (05) අත්අඩංගුවට ගත්තා. ඒ, අපරාධයක් වසන් කිරීමට තැත් කිරීමේ චෝදනා යටතේයී. අදාළ දැරියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයද කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදුකෙරුණා. එහිදී අනාවරණය වුණේ උදරයට සිදුවුණු පහරදීමකින් පසුව ඇතිවු අභ්‍යන්තර රුධිර වහනයක් මරණයට හේතු වී ඇති බවයි. පහරදීමෙන් පසු සිඟිති දියණියගේ ශරීරයට අසූචි ඇතුළත් වී ඇති බවද අදාළ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්.

දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණේ ඇයගේ 34 හැවිරිදි පියාටයි. ඔහු ඊයේ ප්‍රදේශයෙන් පළාගොස් සිටි අතර, ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී සැකකරුගේ මෘත ශරීරය පොලිසිය අද (05) සොයා ගත්තා. ඒ, කහතුඩුව - පාලගම ප්‍රදේශයේ නිවසක තිබීයදීයි.