ගෑස් මිල ඉහළට.

Sunday, 06 January 2013 - 7:46

%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.



ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් ඉහළ දැමුණා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ පසුගිය නොවැම්බර් මාසයේදී ලෝක වෙළඳ පොලේ ගෑස් මෙටි‍්‍රක් ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 1008 දක්වා වැඩිවී තිබූ බවයි. ජූලි මාසයේදී එය ඩොලර් 606 ක් ලෙස සටහන් වී තිබුණා.

 
 මීට පෙර ගෑස් මිල සංශෝධනයක් සිදුවුණේ පසුගිය ජුලි මාසයේදීයි. එහිදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 150 කින් පහත දැමුණා. ඒ අනුව එහි මිල මෙතෙක් පැවතුනේ රුපියල් 2246 ක් ලෙසයි. ඒ අනුව නව මිල ඉහළ දැමීමත් සමඟ ලිත්‍රෝ සහ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල 2396 ක් දක්වා ඉහළ යනවා.