කැළණිය ප්‍රා. ස. සන්ධාන මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.

Sunday, 06 January 2013 - 7:47

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F.+%E0%B7%83.+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හසිත මඩවල ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් ජීවිතක්‍ෂයට පත්වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැළණිය - වරාගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී මන්ත්‍රීවරයා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් ඇති බවද පොලිසිය ප්‍රකාශ කළා.

වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ මන්ත්‍රීවරයා ජාතික රෝහලට ඇතුළත් කිරීමට රැගෙන එන විටත් මියගොස් සිටි බවයි ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. හසිත මඩවල මන්ත්‍රීවරයා 2011 වසරේදී කැළණිය ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූයේ දෙවන වතාවටයි. ඔහු කැළණිය ධර්මාලෝක විද්‍යාලයේ ආදි සිසුවෙක්. පසුගිය කාලයේදී කැළණියේ ඇතිවු දේශපාලන මත ගැටුම්වලදී කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර සමඟ එක්වෙමින් ඔහු සිය දේශපාලන කටයුතු සිදුකළා. කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර කොළඹ ජාතික රෝහලේදී මෙම ඝාතනය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් පළ කළා.

 
[MP3]s50904[/MP3]

rn



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More