හෙට, විශේෂ පක්ෂ නායක රැස්වීමක්.

Sunday, 06 January 2013 - 13:03

%E0%B7%84%E0%B7%99%E0%B6%A7%2C+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වෙන දින පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (07) පැවැත්වෙනවා. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළේ අනිද්දා විවාදයට ගැනෙන දිවි නැගුම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි.

[MP3]s50924_1[/MP3]

දේශපාලන ආරංචි මාර්ග මීට පෙර ප්‍රකාශ කළේ අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ යෝජනාව ලබන ජනවාරි මස 10 සහ 11 යන දෙදින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බවයි. එම දින දෙක පුරාම මෙම විවාදය පැවැත්වීමට නියමිත බවයි ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

මේ අතර දිවිනැගුම පනතට සහය දැක්වීම සම්බන්ධයෙන් සහ දෝෂාභියෝගය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන අද පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බව ලංකා සමසමාජ පක්ෂය පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු එම පක්ෂයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය තිස්ස විතාරණ.
 
[MP3]s50924_2[/MP3]