දඹුල්ලෙන් හමුවූ කුණු අල හෝටල්වල.

Sunday, 06 January 2013 - 18:57

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%BD+%E0%B7%84%E0%B7%9D%E0%B6%A7%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD.

මිනිස් ආහාරයට නුසුදුසු යැයි තීරණය කර විනාශ කිරීමට නියම කළ අර්තාපල් තොගයෙන් මාළු පාන්, එළවළු රොටී සහ අල හොදි හැදූ බව කියන දඹුල්ල නගරයේ ආපන ශාලා 3කට මුද්‍රා තැබීමට පියවර ගෙන තිබෙනවා. දඹුල්ල නගර සභාවේ සෞඛ්‍ය බලධාරීන්ට ලැබුණු තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ. තවත් එවැනි අර්තාපල් යොදා ආහාර සැකසූ ආපන ශාලා 10ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති හෙයින් ඒවා සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදුකරන ලෙස දඹුල්ල නගරාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. කෙසේ වෙතත් එම හෝටල් හිමියන් සඳහන් කර ඇත්තේ තමන්ට අල කිලෝවක් රුපියල් 25 බැගින් ව්‍යාපාරිකයෙකු ත්‍රිරෝද රථයකින් පැමිණ විකුණූ බවයි.

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් සහිත කන්ටේනරයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 31 දින රාත්‍රියේදීයි. එම අර්තාපල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 18ක්. එම අර්තාපල් පාකිස්තානයේ සිට ආනයන කර ඇති බවටයි අනාවරණය වුණේ. පසුව අධිකරණය නියෝග කළේ එම අර්තාපල් තොගය වල දමන ලෙසයි.
 
මේ අතර පසුගිය 29 වැනිදා පාරිභෝගික සේවා අධිකාරිය විසින් කල් ඉකුත් වූ ලොකුළූණු කිලෝග්‍රෑම් 44,700 ක් ද සොයා ගනු ලැබුවා. ඒ, වැලිසර, කොළඹ - මැකලම් පාර සහ  කුරුණෑගල - ගැට්ටුවාන ලංකා සතොස තොග ගබඩාවේ තිබියදීයි.



දැඩි වෙහෙසක් දරා ගොඩ ආ ඉසෙඩ් ඩී ඇලට වැටුණු වන අලි දෙදෙනා (වීඩියෝ)
Thursday, 28 May 2020 - 16:44

මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට විරාන ප්‍රදේශයෙන් වැටුණු වන අලි දෙදෙනෙකු... Read More

රන් කරඬුවක් සමඟ ආඬිගමෙන් මතුවූ මැණික් සහිත නිධානය මෙන්න (වීඩියෝ)
Thursday, 28 May 2020 - 16:36

රන් කරඬුවක් සමඟ ආඬිගමෙන් මතුවූ මැණික් සහිත නිධානය මෙන්න ... Read More

දිස්ත්‍රික්ක 6 කට තවදුරටත් නායයාමේ අවදානම්
Thursday, 28 May 2020 - 16:10

පවතින වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක 6 ක් සඳහා බලපැවැත්වෙන... Read More