මන්ත්‍රී ධුර අහෝසි වීමේ අවදානමක් ගැන කිරිඇල්ල කියයි.

Sunday, 06 January 2013 - 19:01

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝග ක්‍රියාවලිය අවසන් වූ පසු පාර්ලිමේන්තුවට එරෙහිව නියෝග දුන් සෑම විනිසුරුවරයෙක්ම පාර්ලිමේන්තුව හමුවට කැඳවිය යුතු බව ඉදිකිරීම් ඉංජිනේරු සේවා, නිවාස සහ පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

[MP3]s50941_1[/MP3]

මේ අතර දෝෂාභියෝගය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දැනටමත් තීරණයක් දී ඇති බැවින් එම තීරණය පිළිගැනීම සියලූදෙනාගේ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිවුරුම් දී ඇති බැවින් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පිළිබඳව විවිධ අදහස් පළ කිරීම සිදුනොකළ යුතු බවයි.

[MP3]s50941_2[/MP3]

අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්න ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් වෙත ලිපියක් යොමුකර තිබෙනවා. ඒ, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කළ තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අර්ථ නිරූපණය පිළිබඳව අමාත්‍යවරයා පසුගියදා මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් ගැන කරුණු දක්වමින්. අදාළ නියෝගය පිළිබඳව අමාත්‍ය විමල් වීරවංශ දැක්වූ අදහසයි මේ.

[MP3]s50941_3[/MP3]

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ ද පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, අමාත්‍ය විමල් වීරවංශ සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වූවා.

[MP3]s50941_4[/MP3]

මෙම ප්‍රකාශය පිළිබඳව නීතිමය පියවර ගන්නා ලෙස තමන් ඉල්ලා සිටි බව එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්න ප්‍රකාශ කළා.

[MP3]s50941_5[/MP3]

එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී නීතිඥ මෛත්‍රී ගුණරත්න කළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ද අමාත්‍ය විමල් වීරවංශ කොළඹ අද (06) පැවති මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් දක්වා සිටියා.   

[MP3]s50941_6[/MP3]

මේ අතර, ඒකාබද්ධ විපක්ෂය ද කොළඹ දී අද (06) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එයට එක්වූ නව සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, අමාත්‍ය විමල් වීරවංශ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කර සිටියා.

[MP3]s50941_7[/MP3]