සමසමාජයත් දෝෂාභියෝග ඡන්දය මග හරියි.

Monday, 07 January 2013 - 7:47

%E0%B7%83%E0%B6%B8%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%92.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය පිළිබද වාර්තාව සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජන්ද විමසීමේදී ජන්දය දීමෙන් වැලකී සිටීමට ලංකා සමසමාජ පක්ෂය තීරණය කර තිබෙනවා. ඊයේ පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දීයි මෙම තීරණය ගෙන ඇත්තේ. වාමාංශික පක්ෂවල එකතුවෙන් සැදුණු සමාජවාදී පෙරමුණ මීට පෙර ගත් තීරණයක් අනුව තම පක්ෂය ද ඊට අනුකූලව කටයුතු කරන බවයි ලංකා සම සමාජ පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අනිල් ද සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

[MP3]s50954[/MP3]

වත්මන් පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහාය පළ කරමින් ලංකා සම සමාජ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කටයුතු කරනු ලබනවා. ඒ, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වයි.ජී. පද්මසිරියි.  
 
මේ අතර, ඔවුන් දෙදෙනා ද ඇතුළුව සමාජවාදී පෙරමුණට ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 5 දෙනෙකු ආණ්ඩු පක්ෂයේ කටයුතු කරනවා.



පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට ඡන්ද නාම ලේඛන තොරතුරු ගන්න ක්‍රම දෙකක්
Saturday, 30 May 2020 - 20:00

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට... Read More

යටියන්තොටදී උගුලකට හසුවූ කොටියා ප්‍රතිකාර කර මුදා හැරේ
Saturday, 30 May 2020 - 19:53

යටියන්තොට සීපෝට් ප්‍රදේශයේදී උගුලකට හසුව සිටියදී මුදා ගත්... Read More

හොරණ යුද හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වීම නිසා සමීපව ඇසුරු කළ පවුල් 3ක් නිරෝධායනයට
Saturday, 30 May 2020 - 19:44

කොවිඩ් 19 හෙවත්, කොරෝනා වෛරසය අසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලබා... Read More