පලස්තීනය, පලස්තීන රාජ්‍යයට මාරුවෙයි.

Monday, 07 January 2013 - 8:17

%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%2C+%E0%B6%B4%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%B1+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

පලස්තීනය, මින් ඉදිරියට රාජ්‍යයක් යන නම භාවිතා කරමින් හඳුන්වන ලෙස ජනාධිපති මොහොමඞ් අබ්බාස් එරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මීට පෙර පලස්තීනය පලස්තීන අධිකාරියක් ලෙස හදුන්වනු ලැබූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්ෂණ මට්ටමේ සමාජිකයෙකු ලෙස සිටි පලස්තීනය එහි  රාජ්‍ය නොවන අසුනක් ලබාගැනීමත් සමගයි එරට ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර තිබෙන්නේ. ඒ අනුව පලස්තීන ගමන් බලපත්‍රය, රාජ තාන්ත්‍රික ලිපි ලේඛණ සහ රජයේ සියලූම ලිපිවල ශීර්ෂයන්ට පලස්තීන රාජ්‍ය යන නම භාවිතා කරන ලෙසයි ජනාධිපති මොහොමඞ් අබ්බාස් උපදෙස් දී ඇත්තේ. කෙසේ වුවත් පලස්තීන ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැහැ.