ජේ.වී.පී., ටී.එන්.ඒ. අදත් උසාවි යයි.

Monday, 07 January 2013 - 12:52

%E0%B6%A2%E0%B7%9A.%E0%B7%80%E0%B7%93.%E0%B6%B4%E0%B7%93.%2C++%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


තමාට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එරෙහිව අගවිනිසුරු ගොනු කළ පෙත්සම අභියාචානාධිකරණයේදී විභාගයට ගැනීම අද පෙරවරුවේ යළිත් ආරම්භ වුණා. වග උත්තරකරුවන් අතරින් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ දෙමළ සන්ධානයේ ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයා වෙනුවෙන් නීතීඥ එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රිවරයා අධිකරණයේ පෙනී සිටිනවා.


අගවිනිසුරුවරියගේ  පෙත්සම පසුගිය 3 වැනිදාද අභියාචනාධිකරණයේ දී විභාගයට ගැනුනා. එමෙන්ම තේරීම් කාරක සභාවට එරෙහිව ගොනු කළ වෙනත් පෙත්සම් 6 ක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනයන්ද එදින ලබාදුන්නා.

අගවිනිසුරුවරියගේ පෙත්සම සම්බන්ධයෙන් නොතීසි ලැබුණු නීතිපති පාලිත ප්‍රනාන්දු  අද අභියාචනාධිකරණයේ පෙනී සිටින බවයි එහි සිටින අප වාර්තාකරු කියා සිටියේ. මෙම පෙත්සමට මැදිහත්වීමට අවසර ලබාදෙන්නැයි ඉදිරිපත්ව තිබූ අතරමැදි පෙත්සම් දෙක පසුගිය 3 වැනිදා ඉවත දැමුවේ නීතිපතිවරයා මැදිහත්වන බව සඳහන් කරමින්.


අද පෙරවරුවේ අගවිනිසුරුවරිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා කරුණු දැක්වීම ආරම්භ කළා. අගවිනිසුරුවරිය ගොනු කළ පෙත්සම විභාග කරන්නේ අභියාචනාධිකරණයේ සභාපති ශ්‍රී ස්කන්ධරාජා, අනිල් ගුණරත්න, ඒ.ඩබ්ලිව්.ඒ.සලාම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලයි.

 
පසුගිය 3 වැනිදා පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු උසාවියට පැමිණ සිටියා. ඒ හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, අජිත් පී පෙරේරා, කරූ ජයසූරිය, දයාසිරි ජයසේකර, පාලිත රංගේබණ්ඩාරයි. එහෙත් අද දිනයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිසිවෙකුත් නඩු විභාගය නැරඹීම සඳහාවත් පැමිණ සිටියේ නැහැ.

rn

 



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 17:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා... Read More

ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More