දෝෂාභියෝග වාර්තාව විවාද කරන්න බැහැලූ. - ජවිපෙ.

Monday, 07 January 2013 - 18:54

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BD%E0%B7%96.+-+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99.

අධිකරණය විසින් ලබාදුන් තීන්දුවට අනුව දෝෂාභියෝග තේරීම් කාරක සභා වාර්තාව පිළිබද පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජනතා ව්‍යාපාරය අද (07) කොළඹ දී පැවැත්වූ රැළියකට එක්වෙමින්. බොරැල්ල - කැම්බල්පිටියේ සිට හයිඞ් පිටිය දක්වා පා ගමනින් පැමිණීමෙන් අනතුරුවයි මෙම රැළිය ආරම්භ වූයේ. එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මන්ත්‍රීවරයා.

 

[MP3]s51003_1[/MP3]                                     

 

අධිකරණය ලබාදුන් නියෝගයට අනුව දෝෂාභියෝග පාර්ලිමේන්තු විවාදය සඳහා සහභාගි වන්නේ දැයි හිරු ප්‍රවෘත්ති අංශය එක්සත් ජාතික පක්ෂයෙන් ද විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ හෙට (08) රැස්වන පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බවයි.

 

[MP3]s51003_2[/MP3]                            

 

කෙසේ වෙතත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ද මේ පිළිබදව අදහස් පළ වුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න.  

 

[MP3]s51003_3[/MP3]



සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් කොළඹ හෝටල්, අවන්හල් සහ භෝජනාගාර හෙට සිට විවෘත කිරීමට අවසර
Monday, 25 May 2020 - 12:54

කොළඹ මහ නගර බල ප්‍රදේශයේ පිහිටා ඇති සංචාරක මණ්ඩලයේ අනුමැතිය... Read More

අනිද්දා සිට නිරිතදිගට වැසි වැඩිවෙයි
Monday, 25 May 2020 - 12:42

බදාදා සිට දිවයිනේ නිරිතදිග කොටසට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා... Read More

බඹර ප්‍රහාරයකට ලක්වූ තිදරු මවක් ජීවිතක්ෂයට
Monday, 25 May 2020 - 12:22

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින්... Read More