නීති සිසුන් හා පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්.

Monday, 07 January 2013 - 19:02

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පසුගිය වසරේ පැවැති නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ අක්‍රමිකතා සිදු වූ බවට පවසමින් සංදේශයක් භාරදීමට පැමිණි සිසුන් පිරිසක් සහ පොලීසිය අතර කොළඹ නීති විද්‍යාලය ඉදිරිපිට අද (07) පෙරවරුවේ උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තා. නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව මෙම තත්ත්වයට විරෝධය පළ කරමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට නීති විද්‍යාලය දක්වා අද (07) පෙරවරුවේ පා ගමනකින් පැමිණියා. එසේ පා ගමනින් පැමිණි පිරිස නීති විද්‍යාලය ඉදිරිපිට බිම ඉදගෙන බලධාරීන් සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් සාමකාමී විරෝධතාවක ද නිරත වුණා. අනතුරුව නීති විද්‍යාල විදුහල්පතිවරයා වෙත සංදේශයක් භාරදීමට මෙම සිසුන් පිරිස උත්සාහ ගත් අවස්ථාවේදි ඔවුන් සහ පොලීසිය අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.  

 

කෙසේ වෙතත්, අවසානයේ දී විරෝධතාවයේ නිරත වූ සිසුන්ට නීති විද්‍යාල විදුහල්පතිවරයා හමුවීමට අවස්ථාව හිමි වුණා. නීති විද්‍යාල විදුහල්පතිවරයා හමුවීමෙන් පසුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව සාමාජික හිමි නමක්.

 

[MP3]s51006[/MP3]