නීති විද්‍යාලයේ බඳවා ගැනීම් සතියකින් කල් යයි.

Tuesday, 08 January 2013 - 12:25

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%B3%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

අදට යෙදී තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නවක සිසුන් ලියාපදිංචිය සතියකින් ප්‍රමාද කිරීමට එහි විදුහල්පතිවරයා තීරණය කර තිබෙනවා. ඒ, බොදුබල සේනා සංවිධානය ඇතුළු විවිධ පාර්ශවවලින් සිදුවන ඉල්ලීම් සැලකිල්ලට ගෙනයි. බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් අද (08) නීති විද්‍යාලයට පැමිණ විදුහල්පතිවරයා සමග සාකච්ඡාවක නිරත වුණා. අනතුරුවයි මෙම ලියාපදිංචිය සතියකින් ප්‍රමාද කිරීමට තීරණය කළ බව නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්.ඞී. රොද්‍රිගෝ ප්‍රකාශ කළේ.

 
[MP3]s51039_1[/MP3]                                       

 

එම අවස්ථාවේදී අදහස් දැක්වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤානසාර හිමියන්.

 
[MP3]s51039_2[/MP3]                                        

 

නීති විද්‍යාල ප්‍රවේශ විභාගය පැවැත්වීම සහ ප්‍රතිඵල නිකුත් කිරීමේ වගකීම පවතින්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවටයි. ඒ බව නීති විද්‍යාල විදුහල්පති ඩබ්ලිව්.ඞී. රොද්‍රිගෝ එහිදී ප්‍රකාශ කළ අතර ඒ අනුව බොදුබල සේනා නියෝජිතයන් සඳහන් කළේ හෙට (09) දිනයේ තමන් විභාග කොමසාරිස්වරයා හමුවීමට යන බවයි.

 
[MP3]s51039_3[/MP3]                                  

 
නීති ප්‍රවේශ ශිෂ්‍ය එකමුතුව ද ඊයේ (07) පා ගමනකින් නීති විද්‍යාලය ඉදිරිපිටට පැමිණ විදුහල්පතිවරයා හමුවීමට උත්සාහ කළ අතර එහිදී මතු වූයේ උණුසුම් තත්ත්වයක්.