විපක්ෂයේ පක්ෂ නායකයන් කථානායකට ලියයි.

Tuesday, 08 January 2013 - 19:09

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග විවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද කථානායකවරයා වෙත ලිපියක් යොමු කළා. එහි සඳහන් කර තිබුණේ ලබන 10 වැනිදා සහ 11 වැනිදා අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය විභාග කිරීමට ගත් තීරණය හේතුවෙන් තමන් ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී විරෝධය පා නැගිට ගිය බවයි. හිටපු කථානායක අනුර බණ්ඩාරනායක සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමරතුංග ලබාදුන් තීන්දුවලට අනුව ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ පූර්ණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. ඒ අනුව 107 - 3 වගන්තිය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෝෂාභියෝගය පිළිබඳ ලබාදුන් අර්ථ කථනය පිළිගන්නා ලෙසයි එම ලිපියෙන් ඉල්ලා සිටින්නේ. එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළි නොගතහොත් ව්‍යවස්ථාව උල්ලංගණය කිරීමක් සිදුවිය හැකි බවද අවධාරණය කර තිබෙනවා. මේ හේතුවෙන් එය තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් ලබාදෙන ලෙස එම ලිපිය මගින් කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.

මෙම ලිපියට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා අත්සන් කර තිබෙනවා.