හසිත මඩවල මැරුවේ මර්වින්ගේ ගෝලයෝ. කැළණියේ සභාපති කියයි.

Tuesday, 08 January 2013 - 20:00

%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B6%A9%E0%B7%80%E0%B6%BD+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B6%BA%E0%B7%9D.+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

එක්සත් ජනතා නිදහස් සන්ධාන කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලූ මන්ත්‍රීවරුන් අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා. එහිදී අදහස් දැක්වූ කැළනිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර.

[MP3]s51080_1[/MP3]

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් අදහස් දැක්වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිතකුමාර.

[MP3]s51080_2[/MP3]      

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකද මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් දක්වා සිටියා.

[MP3]s51080_3[/MP3]

ඝාතනයට ලක්වූ කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද වරාගොඩ පිහිටි ඔහුගේ නිවසට ඊයේ පැමිණියා.

කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල කැළණිය වරාගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිට දී වෙඩි ප්‍රහාරයට ලක්ව පසුගිය සෙනසුරාදා රාත්‍රියේදී මියගියා. සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු ඇතුළු 5 දෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගත්තා. සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම ඝාතනය සඳහා යොදා ගන්නා ලද මිලිමීටර් 9 වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයක්, පතොරොම් 2ක්, යතුරුපැදියක් සහ මුහුණු ආවරණය වන හෙල්මට් දෙකක් ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා. එසේම ටී - 81 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, මැගසින් දෙකක්, එම උණ්ඩ 48ක් සහ ත්‍රීරෝද රථයක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා. මෙම සැකකරුවන් සියලූ දෙනා කැළණිය සහ කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන්.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ කැළණිය - පිලපිටිය පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. ඊට පෙර මන්ත්‍රීවරයාට අවසන් ගෞරව දැක්වීම සඳහා හෙට පෙරවරුවේ කැළණිය ප්‍රාදේශීය සභාව වෙත දේහය ගෙන එනු ඇති.