O/L වලට පෙනී සිටීමට බැරි වූ සිසුන්ට විශේෂ විභාගය දින 3ක්.

Wednesday, 09 January 2013 - 7:35

O%2FL+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+3%E0%B6%9A%E0%B7%8A.

අධික වැසි සහ ගං වතුර හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි වූ සිසුන් වෙනුවෙන් දින 3ක විශේෂ විභාගයක් පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මීට පෙර එම විභාගය පෙබරවාරි  මස 9 සහ 10 යන දිනවල පැවැත්වීමට තීරණය කර තිබුණත් පසුව එය 11 වැනිදාත් පැවැත්වීමට තීරණය කර ඇති බව සඳහන්. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ අයහපත් කාලගුණ නිසා සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන්ට පෙනී සිටීමට නොහැකි වූ සිසුන් ඉතා ඉක්මනින් තම පාසලේ විදුහල්පතිවරයා හමුවී තොරතුරු ලබා දිය යුතු බවයි. පසුගිය දෙසැම්බර් මස 17, 18,19 සහ 20 යන දිනවලදී වර්ෂාව හේතුවෙන් සාමාන්‍ය පෙළ සිසුන්ට විෂයන් කිහිපයකට පෙනී සිටීමට නොහැකි වුණා.