සිරියාවේ මිලියනයක් ආහාර හිඟයෙන්.

Wednesday, 09 January 2013 - 7:54

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.



මාස 22කට ආසන්න කාලයක් සිරියාවේ පවතින ගැටුම් හේතුවෙන් මිලියනයක් ජනතාව කුසගින්නේ සහ අසරණභාවයට පත්ව ඇති බව ලෝක ආහාර වැඩසටහන පවසනවා. ඔවුන් කියා සිටියේ අධික ගැටුම් හේතුවෙන් සිරියානු ජනතාවට ආහාර ලබාදීමට හැකියාවක් තම සංවිධානයට නොමැති බවයි. දැනටමත් ලෝක ආහාර වැඩසටහන සිරියාවේ මිලියන 1.5ක ජනතාවකට ආධාර කරනු ලබනවා. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛනවලට අනුව සිරියාවේ මිලියන 4කට මානුෂික ආධාර අවශ්‍ය බවයි විදෙස් වාර්තා සදහන් කළේ. පසුගිය වසරේ දී සිරියාව තුළ සහන මෙහෙයුම්වල නිරත ලෝක ආහාර වැඩසටහනේ නිලධාරීන්ට ද දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. දැනටමත් ඇතැම් නිලධාරීන් ගැටුම් පවතින හෝම්ස්, ඇලපෝ සහ ටාටස් වැනි නගරවලින් ඉවත්ව ගොස් ඇති බව සදහන්.



ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More

ඇමරිකාව න්‍යෂ්ටික පිපුරුමකටත් සැරසේ
Sunday, 24 May 2020 - 19:13

රුසියාවට සහ චීනයට අනතුරු ඇගවීමක් ලෙස න්‍යෂ්ටික අත්හදා බැලීමක්... Read More