නීති විද්‍යාලයේ නිර්දේශ මත නැවත විභාගයකට සූදානම්.

Wednesday, 09 January 2013 - 12:45

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B8%E0%B6%AD+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ඉල්ලීමක් කරන්නේ නම් නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට හෝ එය අවලංගු කර නැවත විභාගයක් පැවැත්විය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් විභාග කොමසාරිස්වරයා අද (09) මුණගැසුණු අවස්ථාවේදීයි. එම සංවිධානයේ නියෝජිතයන් පිරිසක් විභාග දෙපාර්තමේන්තුවට පැමිණ විභාග කොමසාරිස්වරයා හමුවීමට උත්සාහ දරා තිබෙනවා. එහිදී එම සංවිධානයේ නියෝජිතයන් කිහිප දෙනෙකුට පමණක් විභාග කොමසාරිස්වරයා හමුවීමට අවස්ථාව හිමිවුණා. එහිදී විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර තමන් වෙත අදාළ පොරොන්දුව ලබාදුන් බවයි බොදුබල සේනා සංවිධානයේ සම්බන්ධීකාරක ඇඹිලිපිටියේ විජිත හිමියන් ප්‍රකාශ කළේ.

[MP3]s51109_1[/MP3]

ඊයේ (08) දිනයට යෙදී තිබූ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නවක සිසුන් ලියාපදිංචිය සතියකින් ප්‍රමාද කිරීමට එහි විදුහල්පතිවරයා මීට පෙර තීරණය කරනු ලැබුවා. ඒ, බොදුබල සේනා සංවිධානයේ නියෝජිතයන් පිරිසක් නීති විද්‍යාලයට පැමිණ විදුහල්පතිවරයා සමග කළ සාකච්ජාවකින් අනතුරුවයි. එහිදී නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රතිඵල පිළිබඳ වගකීම ඇත්තේ විභාග කොමසාරිස්වරයාට බවයි. ඒ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරන නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්.ඞී. රොද්‍රිගෝ.

rn

[MP3]s51109_2[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More