ටී.එන්.ඒ. මුස්ලිම් කොංග්‍රස් තීරණය අද සවස.

Wednesday, 09 January 2013 - 12:57

%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%80%E0%B7%83.

දෙමළ ජාතික සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය දෝෂාභියෝග විවාදයට එක්වන්නේද නැද්ද යන්න පිළිබඳව අද (09) පස්වරුවේ තීරණය කරන බවයි එම පක්ෂවල ප්‍රකාශකයින් සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය දෝෂාභියෝග විවාදය සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී විරුද්ධව ඡන්දය ලබාදෙන බව දැනටමත් ප්‍රකාශ කර අවසන්. පක්ෂයේ තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කරන එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා.

[MP3]s51110[/MP3]           

මේ අතර, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග විවාදයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් සමසමාජ පක්ෂය තුළ මත දෙකක් නිර්මාණය වී තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සිටිනවා. ඒ, ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වයි.ජී. පත්මසිරියි. පසුගිය ඉරිදා රාත්‍රියේ පැවති සමසමාජ පක්ෂ මධ්‍යම කාරක සභාවේදී දෝෂාභියෝග විවාදයට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට තීරණය කරනු ලැබුවා.

කෙසේ වෙතත්, වයි.ජී. පත්මසිරි මන්ත්‍රීවරයා සඳහන් කළේ තමා දෝෂාභියෝග යෝජනාවට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන බවයි. පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රැක ගැනීමට සහ ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටීමට තමා මෙලෙස දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව මන්ත්‍රීවරයා පසුගියදා පැවති මධ්‍යම කාරක සභාවේදී ප්‍රකාශ කර ඇති බව සඳහන්. පසුව ඔහු නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලූම බලමණ්ඩල සාමාජිකයන්ගෙන්ද මේ පිළිබඳව මතය විමසා තිබෙනවා. එහිදී බලමණ්ඩල සාමාජිකයන් සියලූදෙනා මන්ත්‍රීවරයා ගත් තීරණය නිවැරදි බව ප්‍රකාශ කර ඇති බවයි පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.