රට අස්ථාවර නැහැ - ආණ්ඩුව කියයි, ජවිපෙ විවාදයට නැහැ.

Wednesday, 09 January 2013 - 13:02

%E0%B6%BB%E0%B6%A7+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92%2C+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග වාර්තාව පිළිබඳ විවාදය හෙට (10) සහ අනිද්දා (11) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව අනිද්දා පස්වරු 6.30 ට දෝෂාභියෝග විවාදය පිළිබඳ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති. මේ අතර, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු විරුද්ධ පක්ෂයේ නායකයින් ඊයේ (08) කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමින් කරනු ලැබූ ඉල්ලීමකට අනුව අද (09) මධ්‍යහ්න 12 ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ වීමට නියමිතව තිබුණා. ඒ, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විවාදයට ගැනීම පිළිබඳව නැවත සාකච්ඡා කිරීම සඳහායී.

කෙසේ වෙතත්, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාවලිය පිළිබඳව අද දිනයේද දේශපාලන පක්ෂ කිහිපයක් මාධ්‍ය හමු පවත්වමින් අදහස් පළ කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  අද (09) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ.

[MP3]s51111_1[/MP3]      

ජනතා විමුක්ති පෙරමුණ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ හෙට (10) ආරම්භ වන දෝෂාභියෝග විවාදයට තම පක්ෂය හෝ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙකු සහභාගී නොවන බවයි.

[MP3]s51111_2[/MP3]



මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

ඇමෙරිකාවේ ප්‍රාන්ත රැසක ඇදිරිනීතියද නොතකා තවදුරටත් විරෝධතා (වීඩියෝ)
Monday, 01 June 2020 - 21:48

අමෙරිකාවේ මිනෙසෝටා හිදී නිරායුධ කළු ජාතික තරුණයෙකු පොලිස්... Read More