දෝෂාභියෝගයට ඡන්දය දීම ගැන එජාපයෙන් තේරුණු මන්ත්‍රීවරුන්ට ලිපියක්.

Wednesday, 09 January 2013 - 13:27

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් ඡන්දය ලබාදෙන ආකාරය පිළිබඳව සිය පක්ෂයෙන් තේරී පත්වු මන්ත්‍රීවරුන්ට යොමුකරන ලිපි මේ වනවිට යවා ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංගගේ අත්සනින් යුත් එම ලිපිය ලියාපදිංචි තැපෑලෙන් අදාළ මන්ත්‍රීවරුන් වෙත අද (09) උදෑසන යොමුකළ බවයි විපක්ෂ නායක කාර්යාලය පවසන්නේ. කෙසේ වෙතත්, අදාළ ලිපි සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ආණ්ඩුවට සහය පළ කරන මන්ත්‍රීවරුන්ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහිදී ඵලදායීතා ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න සඳහන් කළේ තමන්ට එවැනි ලිපියක් ලැබී නොමැති බවයි.

[MP3]s51114[/MP3]

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය පළ කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන්ද හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළද ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටියා. මුස්ලිම් කොංග්‍රසයද පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන අලියා ලකුණෙන් තරග කරනු ලැබුවා. ඒ අනුව ඔවුන්ටද ඊට අදාළ ලිපි ලැබී ඇත්දැයි හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළද, මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් ඊට ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටියා.

2010 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 51 ක්. එක්සත් ජාතික පකෂයේ ජාතික ලැයිස්තුවෙන් එක්වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9 ක්. මෙම මන්ත්‍රීවරුන් 60 දෙනාගෙන් මේ වනවිට 18 දෙනෙකු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවට එක්ව සිටිනවා. ඉන් 8 දෙනෙක් මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන්.



කොරෝනා මරණවලින් බ්‍රසීලය හතරවන ස්ථානයට
Monday, 01 June 2020 - 9:50

ලොව හතර වන ස්ථානයට වැඩිම කොරෝනා මරණ වාර්තාවන රට බවට බ්‍රසීලය... Read More

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ  වාහන තදබදයක්
Monday, 01 June 2020 - 9:27

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම අසල සහ කෙරවලපිටිය... Read More

මාළිගාවත්ත වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට
Monday, 01 June 2020 - 9:04

මාළිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේදී පෙරේදා වෙඩි... Read More