ශ්‍රී ලංකාවේ ‘‘නිධානය’’ ඉන්දියාවට යයි.

Wednesday, 09 January 2013 - 18:48

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E2%80%98%E2%80%98%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E2%80%99%E2%80%99+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

තම අනුදැනුමකින් තොරව ‘‘නිධානය’’ චිත්‍රපටයේ පිටපතක් පූනේ හි පිහිටි ඉන්දීය ජාතික චිත්‍රපට සංරක්ෂන ආයතනය වෙත ලැබීම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව නිධානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ඉන්දීය චිත්‍රපට සංරක්ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ප්‍රෂාන්ත් පාතර්බේ නිධානයේ පිටපතක් ඇති බවට කළ ප්‍රකාශය පිළිබඳ ප්‍රතිචාර දක්වමින්. එම පිටපත ලබාගැනීමට ඉන්දියානු රුපියල් ලක්ෂයක් පමණ අවශ්‍ය වනු ඇතැයි ද ප්‍රෂාන්ත් පාතර්බේ කියා තිබුණා.

 

මේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දැක්වූ ප්‍රතිචාරයයි.

 

[MP3]s51127_1[/MP3]                     

 

චිත්‍රපට සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අයිවන් වීරක්කොඩි ද මේ පිළිබඳ අදහස් පළ කළා.

 
[MP3]s51127_2[/MP3]                          

 

චිත්‍රපට සභාවේ සභාපති නීතීඥ අශෝක සේරසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාව සතුව නිධානය චිත්‍රපටියේ සංරක්ෂිත පිටපත් දෙකක් පවතින බවයි.

 
[MP3]s51127_3[/MP3]