විවාදය හෙට සහ අනිද්දා ස්ථිරයි.

Wednesday, 09 January 2013 - 19:14

%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

කථානායක චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා. ඒ හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත දෝෂාභියෝග වාර්තාව පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

 

එහිදී එක්සත් ජාතික පක්ෂය ඇතුලූ විපක්ෂය ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා ඇත්තේ දෝෂාභියෝග වාර්තාව පිළිබඳ විවාදය නොපවත්වන ලෙසයි. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය එම කාරක සභාව නීත්‍යානුකූල නොවන බවට කළ අර්ථ නිරූපනය පදනම් කරගනිමින්. එහෙත් විවාදය පවත්වන්වන්නේ යැයි ආණ්ඩු පක්ෂය සඳහන් කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග කියා සිටියා.

 

[MP3]s51136_1[/MP3]

 

එහෙත් නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි පැවසුවේ හෙට සහ අනිද්දා නියම කරගත් පරිදි දෝෂාභියෝග වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වෙන බවයි.

 

[MP3]s51136_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories