කැළණිය ඝාතන සිද්ධිය නොමග යැවීමේ උත්සාහයක් ?

Thursday, 10 January 2013 - 7:41

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B6%9C+%E0%B6%BA%E0%B7%90%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%3F

කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ අදහස් පළවනවා. ඉන් එක් අදහසක් වන්නේ කැළණිය ප්‍රාදේශීය සභාව තුළදී පසුගියදා කාන්තාවකට පහරදී බැන වැදුනා යැයි කියන සිද්ධියට හසිත මඩවල මන්ත්‍රීවරයා ද සම්බන්ධ බැවින් ඔහු මෙලෙස වෙඩි තබා ඝාතනය කල බවයි. විනීතා එදිරිසිංහ නැමති එම කාන්තාවගේ පුත්‍රයෙකු වන රංගන කුමාර ප්‍රධාන සැකකරු ලෙස මෙම ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්වීමයි ඊට හේතු වි ඇත්තේ. සිද්ධියට සම්බන්ධව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් හතරදෙනා අතර ඇයගේ සහෝදරයෙකු වන සිංග්ප්පූරු සරත් හෙවත් සරත් එදිරිසිංහ නැමැත්තා ද වනවා.

කැළණිය - සිංහාරමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වූ තමන් පසුගිය දෙසැම්බර් මස 12 වෙනිදා ප්‍රාදේශීය සභාවට ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ පෑ බවයි එම කාන්තාව සඳහන් කළේ. කැළනිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර බැනවැදි පහරදුන් බව එහිදි මෙම කාන්තාව ප්‍රකාශ කළද හසිත මඩවල මන්ත්‍රීවරයා ඊට සම්බන්ධ වූ බව ප්‍රකාශ කළේ නැහැ. මේ  එම සිද්ධිය සිදුවූ දා ඒ පිළිබඳ හිරු ප්‍රවෘත්ති අංශය වෙත ඇය විස්තර කළ අයුරුයි.  

[MP3]s51148_1[/MP3]                                                        

කෙසේ වෙතත් කැළණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල චමිදු හිරු ප්‍රවෘත්ති අංශය වෙත සඳහන් කලේ මෙම කාන්තාවට පහර දුන්නා යැයි කියන සිද්ධිය සහ හසිත මඩවලගේ ඝාතනය අතර සම්බන්ධයක් ඇති බවට ඇතැම් පිරිස් මතයක් පතුරුවා හරින්නට උත්සාහ කරන්නේ සැබෑ සිද්ධිය යටපත් කිරිමට බවයි.

[MP3]s51148_2[/MP3]                              

වෙඩි ප්‍රහාරයකට ලක්ව පසුගිය සෙනසුරාදා රාත්‍රියේදී මිය ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ගේ අවසන් කටයුතු කැළණිය - පිලපිටිය පොදු සුසාන භූමියේ දී ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.