රිසානාගේ දේහය ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යාංශයෙන් උත්සාහයක්.

Thursday, 10 January 2013 - 7:42

%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

සෞදි අරාබියේදී මරණ දන්ඩනයට ලක්වූ රිසානා නෆීක්ගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා රාජ තාන්ත්‍රිකව මැදිහත්වීමක් සිදුකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. ඊට අදාල ඉල්ලීම් මේ වනවිටත් ඉදිරිපත් කර ඇති බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ. සාමාන්‍යයෙන් මෙවැනි මරණ දණ්ඩනයක් හිමිවූ අවස්ථාවක දේහයන් ගෙන්වා ගැනීම අසීරු කටයුත්තක් බවද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් රිසානාගේ දේහය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා තම අමාත්‍යාංශය උත්සාහයක නිරතවන බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. රිසානාගේ දෙමාපියන් ඇතුලූ පවුලේ සුබසාධනය වෙනුවෙන් විදෙස් රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යාංශයේ මැදිහත්වීම යටතේ අවශ්‍ය කටයුතු ඉදිරියේදී සම්පාදනය කරන බවද විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ත්‍රිකුණාමලයේ - මුතූර් හි පදිංචිව සිටි රිසානා නෆීක් විදේශ රැකියා ඒජන්සිකරුවෙකුගේ මාර්ගයෙන් ගෘහ සේවිකාවක් ලෙස සෞදි අරාබියේ රැකියාවට ගියේ 2005 වසරේ අප්‍රේල් 1වැනිදායි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 17 ක්. රැකියා ඒජන්සිකරු ඇයව විදේශ ගතකර තිබුණේ වැඩි වයසක් ව්‍යාජ ලෙස ගමන් බලපත්‍රයේ සඳහන් කරමින්. රිසානා අතින් බෝතලයකින් කිරි පෙවීමේදී කිරි සිරවීමෙන් ඇය සේවය කළ නිවසේ මාස 4 ක් වයසැති බිළිදෙකු මියයන්නේ  2005 වසරේ මැයි මස 25 වැනිදායි. ඉන් අනතුරුව ඇය මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට චෝදනා කරමින් අධිකරණය හමුවේ නඩු පැවරූ අතර සෞදි අධිකරණය තීරණය කළේ ඇය මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇති බවයි.  ෂරියා නීතියට අනුව ඇයට එහිදී මරණ දඩුවම හිමිවුණා. ඉන් අනතුරුව විවිධ පාර්ශවයන් ඇය නිදහස් කරගැනීම සඳහා දැඩි වෙහෙසක් ගත්තද ඒ සියලූ උත්සාහයන් ව්‍යවර්ථ කරමින් ඊයේ සෞදි බන්ධනාගාරයක් තුළදී ඇය හිස ගසා ඝාතනය කෙරුණා.



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 23:17

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735ක් දක්වා ඉහළ... Read More

අද රාත්‍රී 10 සිට 6 වනදා උදෑසන 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය - පොලිසියෙන් විශේෂ මාර්ග බාධක
Wednesday, 03 June 2020 - 22:25

අද (04) රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා (06) උදෑසන 4 දක්වා දිවයින පුරා... Read More

තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More