නීතීඥයින් රාජකාරිවලින් ඉවතට.

Thursday, 10 January 2013 - 7:45

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7.

දෝෂාභියෝග වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන අද සහ හෙට යන දෙදින තුළ සියලූ රාජකාරි කටයුතුවලින් ඉවත්වීමට ශ්‍රී ලංකාව පුරා සිටින නීතීඥවරුන් තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නීතීඥ සංගමය ප්‍රකාශ කළේ අදාළ ක්‍රියාවලියට විරෝධය පළ කිරීම එහි අරමුණ බවයි. මේ පිළිබඳව දැනටමත් තම සියලූ දිස්ත්‍රික් නීතීඥ සංගම් දැනුවත් කර ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය කියා සිටියා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා අගවිනිසුරුවරියට ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගය කොන්දේසි විරහිතව හෙළා දකින බවයි. එම සංගමය ජනාධිපතිවරයාගෙන්, කථානායකවරයාගෙන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් සහ සෙසු කණ්ඩායම්වලින් ඉල්ලීමක් කරමින් සඳහන් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට විරුද්ධව නොයන ලෙසයි.

දෝෂාභියෝග විවාදයට විරෝධය පළ කරමින් කොළඹ අලූත්කඬේ උසාවි සංකීර්ණයේ සිට පාර්ලිමේන්තුව දක්වා සාමකාමී විරෝධතා පා ගමනක් සංවිධානය කර ඇති බව ශ්‍රී ලංකා නීතීඥ එකමුතුව පවසනවා. මේ සඳහා විරුද්ධ පක්ෂයේ නියෝජිතයන් ඇතුලූ සිවිල් සංවිධාන කිහිපයක්ද එක්ව සිටින බවයි  එම එකමුතුව කියා සිටියේ.
 
මේ අතර ශ්‍රී ලංකා නිදහස් නීතීඥ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ දිවයිනේ සියලූම අධිකරණ කටයුතු අඩපන කිරීම සඳහා නීතීඥ සංගමයේ බහුතරයකගේ කැමැත්ත නොමැතිව ගෙන ඇති මෙම ක්‍රියාමාර්ගය දැඩි ලෙස හෙළා දකින බවයි. එබැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට විරුද්ධව අද සහ හෙට දිනයේදී අධිකරණ කටයුතුවල යෙදීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා නිදහස් නීතීඥ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ.



ලොව පුරා කොරෝනා ආසාදිතයින් පනස් අට ලක්ෂය ඉක්මවයි
Thursday, 28 May 2020 - 19:37

ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට පනස් අට ලක්ෂ 13,289 දක්වා... Read More

එජාපය සහ සමගි බලවේගය හෙට වෙන වෙනම රැස්වේ
Thursday, 28 May 2020 - 19:29

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය හෙට දිනයේදී වෙන වෙනම... Read More

කුවේටයෙන් පැමිණි 466 න් 321 කට කොරෝනා - අදත් මේ දක්වා ආසාදිතයින් 34 ක්
Thursday, 28 May 2020 - 19:18

ආසාදිතයින් 13 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමඟ මෙරටදී... Read More