දෝෂාභියෝග වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය අද ඇරඹේ. UNP සහ TNA විවාදයට යයි. JVP වර්ජනයක.

Thursday, 10 January 2013 - 7:49

%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.+UNP+++%E0%B7%83%E0%B7%84+TNA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.++JVP+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A.

අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරන්නේ තමන් විවාදයට සහභාගි වී ඊට එරෙහිව ඡන්දය භාවිත කරන බවයි. ඊයේ පැවති පක්ෂ නායක රැස්වීමේදී විවාදය නොපවත්වන ලෙස ඉල්ලීමක් කළත් ආණ්ඩුව ඊට එකඟ නොවූ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග කියා සිටියා.

[MP3]s51151_1[/MP3]

ආණ්ඩුවට තනි රැකීමට තම පක්ෂය සූදානම් නොමැති නිසා මෙම විවාදයට සහභාගි නොවන බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කලේ.

[MP3]s51151_2[/MP3]

දෙමළ ජාතික සන්ධානයද ප්‍රකාශ කරන්නේ තමන් විවාදයට සහභාගි වී ඊට එරෙහිව ඡන්දය භාවිත කරන බවයි. කෙසේ වෙතත් නියමිත පරිදි දෝෂාභියෝග වාර්තාව පිළිබඳ විවාදය අද පැවැත්වෙන බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කළා.

[MP3]s51151_3[/MP3]