නීතීඥයන්ගේ පා ගමන නිසා අලූත්කඬේ උණුසුම් තත්ත්වයක්.

Thursday, 10 January 2013 - 12:51

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%AC%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තු- විවාදය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට සහය පළ කරමින් සහ ඊට විරෝිධය පළ කරමින් කොළඹ නගරයේ විරෝධතා ව්‍යාපාර දෙකක් මේ වනවිටත් පැවැත්වෙනවා. කොළඹ අලූත්කඬේ උසාවි සංකීර්ණය ආසන්නයේ අද පෙරවරුවේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.  ශ්‍රී ලංකා නීතීඥ එකමුතුව සහ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ - අලූත්කඬේ උසාවි සංකීර්ණයේ සිට පාර්ලිමේන්තුව දක්වා අද දිනයේදී පා ගමනක නිරතවීමටයි සැළසුම් කර තිබුණේ්.

කෙසේ වෙතත් එය ආරම්භ කිරීමට නීතීඥවරුන් උත්සාහ කිරීමත් සමග දෝෂාභියෝගයට සහය පළ කිරීම සඳහා පැමිණි තවත් පිරිසක් එම මාර්ගය අවහිර වන සේ උද්ඝෝෂණයක නිරතවීම හේතුවෙන් මෙම තත්ත්වය හට ගැණුනා. එම අවස්ථාවේදී හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න.

[MP3]s51172_1[/MP3]

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට සහය පළ කරමින් පැමිණ සිටි පිරිස අතර කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගමගේ එක්ව සිටියා. එහිදී ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දැක්වූවා.

[MP3]s51172_2[/MP3]

කුමන බාධක පැමිණියද තමන් සැලසුම් කරගත් පරිදි පාර්ලිමේන්තු සංකීර්ණය දක්වා විරෝධතා පා ගමනේ නිරතවන බව විරෝධතාවයට එක්ව සිටි නීතීඥයන් ප්‍රකාශ කළා. එහිදී හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නීතීඥ සුනිල් වටගල.

[MP3]s51172_3[/MP3]

ඉන් අනතුරුව නීතීඥවරුන් සිය පා ගමන ආරම්භ කළ අතර එය මේ වනවිට කොළඹ - කොටුව - ලෝටස් වට රවුම දක්වා පැමිණ තිබෙනවා. එහි නවතම තත්ත්වය දැනගැනීම සඳහා අප සම්බන්ධ කරගන්නවා එම ස්ථානයේ සිටින හිරු ප්‍රවෘත්ති අංශයේ මාණ්ඩලික වාර්තාකරු අමිලනාත් මාසිංහගේ.

[MP3]s51172_4[/MP3]

නීතීඥවරුන්ගේ මෙම පා ගමන හේතුවෙන් ලෝටස් වටරවුම ආසන්නයේ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්ද පවතින බවයි නාගරික රථවාහන පොලීසිය ප්‍රකාශ කළේ.  

දෝෂාභියෝග තේරීම් කාරක සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතයි. පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයේ ආරක්ෂාවද පොලීසිය විසින් මේ වනවිට තරකර තිබෙනවා. මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ගෙන එන පාර්ලිමේන්තු සංකීර්ණයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු ශානුක කරුණාරත්න.
 
[MP3]s51172_5[/MP3]

rn

 

rn

[JPG]51167_1[/JPG]

rn

[JPG]51167_2[/JPG]

rn

[JPG]51167_3[/JPG]

rn

[JPG]51167_4[/JPG]



කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයින් 15ක් සුවය ලබයි
Saturday, 30 May 2020 - 11:51

කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නාවික හමුදාවේ තවත් පහළොස් දෙනෙකු... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Saturday, 30 May 2020 - 11:01

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ගේ සයිබර් ප්‍රහාරයෙන් අක්‍රිය වූ වෙබ් අඩවි ප්‍රකෘතිමත් කිරීමට පියවර
Saturday, 30 May 2020 - 10:55

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් අඩපණ වී ඇති රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ... Read More