අවිස්සාවේල්ලෙන් පැනගිය රැඳවියෙකු අල්ලයි.

Thursday, 10 January 2013 - 18:50

%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

අවිස්සාවේල්ල බන්ධනාගාරයෙන් අද (10) අළුයම පැනගිය රැඳවියන් දස දෙනාගෙන් එක් අයෙකු කොස්ගම - ඇස්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි සඳහන් කළේ අද (10) පස්වරුවේ මෙම රැඳවියා අත්අඩංගුවට ගත් බවයි. පැනගිය අනෙක් රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී.ඩබ්ලිව්.කොඩිප්පිලි පවසනවා. අද අළුයම පැන ගිය මෙම රැඳවියන් රුවන්වැල්ල සහ අවිස්සාවේල්ල අධිකරණ වෙත ඉදිරිපත් කිරීම සඳහා ඊයේ (09) රැගෙනවිත් ඇත්තේ කුරුවිට බන්ධනාගාරයෙන්. පැනගිය රැඳවියන් අතර පුද්ගල ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ද සිට ඇති බව ඔහු කියා සිටියා.

 
[MP3]s51195[/MP3]

 

බන්ධනාගාර සිරමැදිරියෙන් පැනගිය සැකකරුවන් පුවක්පිටිය, නවගමුව, රාජංගනය, පාදුක්ක, කොස්ගම, අකරවිට, තලවතුගොඩ සහ කඩුවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්. සිරකරුවන් පැනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා බන්ධනාගාර උසස් නිලධාරින් 3 දෙනෙකු අද (10) එහි ගොස් තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිද්ධිය සම්බන්ධයෙන් අද (10) පස්වරුවේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩිගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ පැනගිය සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් වාර්තාවී නොමැති බවයි.