ශ්‍රී ලංකාවේ රිසානා අරාබියේ මිහිදන් කෙරේ.

Thursday, 10 January 2013 - 18:52

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

සෞදි අරාබියේදී හිස ගසා මරා දැමුණු රිසානා නෆීක්ගේ දේහය එරටදීම මිහිදන් කර තිබෙනවා. මෙරට සෞදි තානාපති කාර්යාලය ඒ පිළිබඳව තම අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ. රිසානා නෆීක්ගේ දේහය මෙරටට ගෙන්වා ගැනීම සඳහා රජය විසින් සෞදි රජයෙන් ඉල්ලීමක් ද කර තිබුණා. කෙසේ වෙතත්, එරට නීතියට අනුව ඇයගේ දේහය මිහිදන් කර ඇති බවයි තානාපති කාර්යාලය දැනුම්දී ඇත්තේ. සෞදි අරාබියේදී ගෘහ සේවිකාවක ලෙස ගොස් සිටි රිසානා නෆීක් ඇය සේවය කළ නිවසේ බිලිඳෙකු කිරිපෙවීමට යාමේදී මරා දැමූ බවට චෝදනා එල්ල වී වසර 7 කට ආසන්න කාලයක් සිරදඩුවම් විඳිමින් සිටියා. අනතුරුව, එරට අධිකරණය විසින් රිසානාට 2007 ජුනි මස 16 වැනිදා මරණ දඩුවම නියම කළා. ඇය නිදහස් කරන ලෙසට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම විවිධ පාර්ශව ගණනාවක් සෞදි රජයෙන් පසුගිය කාලය තුළ ඉල්ලීම් කර තිබුණත්, ඊයේ දහවල් රිසානා නෆීක්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට සෞදි රජය පියවර ගනු ලැබුවා.

 

මේ අතර, රිසානා නෆීක් බේරා ගැනීම සඳහා රජය කටයුතු කර නොමැති බවට චෝදනා කරමින් කොටුව දුම්රියපොල ඉදිරිපිිට අද (10* දහවල් විරෝධතාවයක් පැවැත්වුණා. නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ මෙම විරෝධතාවයට එක්වූ එහි සභාපති දිමුතු ආටිගල මෙලෙස අදහස් පළ කළා.

 

[MP3]s51196_1[/MP3]

 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු පිරිසක් රිසානා නෆීක්ගේ දෙමව්පියන් ජීවත් වන ත්‍රිකුණාමලය - මුතූර් ප්‍රදේශයට ගොස් තිබෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති අමල් සේනාධිලංකාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඇයගේ පවුලේ ඥාතීන්ට සහනයක් ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

 

[MP3]s51196_2[/MP3]

 

සෞදි අරාබිය විසින් රිසානා නෆීක්ට මරණ දඬුවම ලබාදීම දැඩි ලෙස හෙළා දකින බව යුරෝපා සංගමය පවසනවා. එම සංගමයේ විදේශ කටයුතු පිළිබඳ ප්‍රධානී කැතරින් ඈෂ්ටන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව විසින් රිසානාව නිදහස් කරන ලෙස දිගින් දිගටම කළ ඉල්ලීම් සෞදි රජය ප්‍රතික්ෂේප කළ බවයි. රිසානාට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් තමන් බලවත් ලෙස කණගාටුවට පත්වන බවද එම නිවේදනයේ සඳහන්. සිද්ධියට අදාළ අපරාධය සිදුවන විට රිසානා නෆීක් 17 වන වියේ පසුවූ බවද මානව හිමිකම් සංවිධාන පෙන්වා දී තිබූ බවයි ඇය ප්‍රකාශ කළේ.



වැසිකිලි වළ පුපුරාගොස් 13 හැවිරිදි දැරියකගේ දිවි අහිමි වූ දෙල්ගොඩ ඛේදවාචකය (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:40

නිවසේ වැසිකිලි වළේ දුඟද වැළැක්වීමට නොසැලකිලිමත් ලෙස කාබයිට්... Read More

ගල්කිස්සේ පිරවූ වෙරළ තීරය අසාර්ථක ව්‍යාපෘතියක් නොවේ - වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව (වීඩියෝ)
Monday, 01 June 2020 - 20:23

ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දෙස් විදෙස් සංචාරකයින් අතර... Read More

පාසල් සිසුවියක් දූෂණය කළ බස් කොන්දොස්තරවරයෙකුට වසර 30ක සිර දඩුවම්
Monday, 01 June 2020 - 19:42

15 හැවිරිදි පාසල් සිසුවියක විවාහ කර ගන්නා බවට පොරොන්දු වී ඇයව... Read More