කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පොලිස්පතිට ලියයි.

Friday, 11 January 2013 - 7:42

%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරන ලේකම්වරුන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පොලිස්පතිවරයාගෙන් ඊයේ ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා. කැළණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති චමිල දුමිඳු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම ඉල්ලීමට පෑලියගොඩ නගර සභාවේ මන්ත්‍රීවරුන් තුන් දෙනෙකුද අත්සන් කර ඇති බවයි. කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී හසිත මඩවලගේ ඝාතන සිද්ධියට සම්බන්ධව අමාත්‍ය මර්වින් සිල්වාගේ සම්බන්ධීකරන ලේකම්වරු දෙදෙනෙකු අත්අඩංගුවට පත්වුණා. මෙම සිද්ධීන් අදාළ ඉල්ලීමට හේතු වූ බවයි කැළණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා කියා සිටියේ.

[MP3]s51210[/MP3]

මේ අතර, කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවලගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අමාත්‍ය මර්වින් සිල්වාගේ ලේකම්වරු දෙදෙනා ඇතුළු සැකකරුවන් පස් දෙනා ඊයේ (10) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අනුව සැකකරුවන් මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහර වැඩබලන මහේස්ත්‍රාත්වරිය නියම කළේ.



කම්කරු කොංග්‍රසයේ නායකයා අවසන් වරට පාර්ලිමේන්තුවට (වීඩියෝ)
Thursday, 28 May 2020 - 14:05

අභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම්... Read More

කිරි ගවයින් 2500ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි
Thursday, 28 May 2020 - 13:51

දේශීය කිරි කර්මාන්තය නැංවීම සඳහා ඕස්ට්‍රේලියාවේ සිට කිරි... Read More

කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 745 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 13:45

කොරෝනා ආසාදනය වූ රෝගීන් 13 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව... Read More