පහත්බිම් රැසක් ජලයෙන් යටවේ.

Friday, 11 January 2013 - 7:45

%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%9A.

ඊසාන දිග මෝසම් සුළං තත්ත්වය වඩාත් සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට අද (11) දිනයේත් වැසි අපේක්ෂා කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජීවන් කරුණාරත්න සඳහන් කළේ ගිනිකොණ, නැගෙනහිර හා දකුණු මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වය වැඩිවිය හැකි බවයි.

[MP3]s51211_1[/MP3]

දිවයිනේ ප්‍රධාන ජලාශ රැසක් වාන් දැමීමට පටන් ගැනීමට ඇති බැවින් ඒ අවට පහත් බිම් ජලයෙන් යටවී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා. වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල, ඉහළ කොත්මලේ, පරාක්‍රම සමුද්‍රය, මාදුරු ඔය හා මහවැලි ගඟ අවට පහත් බිම් ජලයෙන් යටවී ඇති බවයි එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත්ලාල් කුමාර සඳහන් කළේ.

[MP3]s51211_2[/MP3]

මේ අතර වැලිමඩ - නුවරඑළිය මාර්ගය හග්ගල ප්‍රදේශයෙන් ඊයේ (10) රාත්‍රියේ නාය යාම හේතුවෙන් ගමනාගමන කටයුතු ඇණහිට ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි පවසනවා.

[MP3]s51211_3[/MP3]