අළුත්කඩේ නීතිඥයින් පිරිසක් කළු විරෝධතාවක.

Friday, 11 January 2013 - 13:07

%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.

දෝෂාභියෝග වාර්තාව අද (11) දෙවන දිනටත් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා. ඊට විරෝධය පළ කරමින් නීතිඥවරුන් අදත් වර්ජනයේ නිරතවීම නිසා දිවයිනේ ඇතැම් අධිකරණවල වැඩකටයුතුවලට බාධා සිදුවුණා. කොළඹ මහේස්ත්‍රාත්, මහාධිකරණ සහ දිසා අධිකරණවල නඩු අද දිනයේදී විභාග නොවූ අතර, ඒවා පසුවට කල් තැබීමටයි විනිසුරුවරුන් පියවර ගත්තේ. මේ අතර, කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නීතිඥයින් පිරිසක් අද කළු පටි පැළඳ සාමකාමී විරෝධතාවයකද නිරත වුණා. එහිදී අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජන් සිල්වා.

[MP3]s51241_1[/MP3]

කෙසේ වෙතත්, තංගල්ල, ඇඹිලිපිටිය, රත්නපුර හා නුගේගොඩ මහේස්ත්‍රාත් හා දිසා අධිකරණවල කටයුතු අද (11) දිනයේ බාධාවකින් තොරව සිදුකෙරුණු බවයි එම අධිකරණවල නීතිඥයන් සඳහන් කළේ. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ අද දිනයේ අධිකරණ කටයුතු සිදුකෙරුණු ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කළ නීතිඥ ප්‍රදීප් හේමන්ත ද සිල්වා.

[MP3]s51241_2[/MP3]



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More