රිසානාට දුන් දඬුවම බ්‍රිතාන්‍යයත් හෙළා දකී.

Friday, 11 January 2013 - 13:10

%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93.


බාල වයස්කාර දැරියකව සිටියදී සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස් හිස ගසා මරා දැමූ රිසානා නෆීක් පිළිබඳව බ්‍රිතාන්‍ය රජයද කණස්සල්ල පළ කර තිබෙනවා. එරට විදේශ අමාත්‍යාංශයේ මැද පෙරදිග කටයුතු පිළිබඳ අමාත්‍ය ඇලෙස්ටෙයාර් බර්ට් ප්‍රකාශ කළේ එම සිද්ධියෙන් තමන් දැඩි කම්පාවට පත්වු බවයි. එමෙන්ම සෞදි රජය විසින් ඇගේ හිස ගසා දැමීම දැඩි සේ හෙළා දකින බවත් ඔහු සඳහන් කළා. ඇයට සමාව දෙන ලෙස ඉල්ලීම් රැසක් ඉදිරිපත්ව තිබියදී එය සිදුකර ඇති බවයි බ්‍රිතාන්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. බ්‍රිතාන්‍ය ප්‍රතිපත්තියක් වශයෙන් මරණ දඬුවමට විරුද්ධත්වය පළ කරනවා. කවර වරදක් යටතේ හෝ මරණ දඬුවම ක්‍රියාත්මක නොකළ යුතු බව බ්‍රිතාන්‍යයේ අදහසයි. එමෙන්ම ගෙළ සිඳ මරා දැමීම ඒ අතුරෙන් දැඩි අමානුෂික පියවරක්. මේ සම්බන්ධයෙන් සෞදි බලධාරීන් වෙතින් විමසීමටද අදහස් කරන බව මැද පෙරදිග කටයුතු පිළිබඳ බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කළා.

යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ ප්‍රධානී කැතරීන් ඈෂ්ටන් ඊයේ (10) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ රිසානා නෆීක්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ පුවතින් තමන් දැඩි කම්පාවට පත්වූ බවයි. රිසානා නෆීක් පිළිබඳ සෞදි පොලිස් පරීක්ෂණවලදී හෝ 2007 වසරේ පැවැත්වූ නඩු විභාගයේදී ඇයට නීතිඥ සහය ලබාදී නොමැති බවද ඇමිනෙස්ටි ජාත්‍යන්තරය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, රිසානා නෆීක්ට ලබාදුන් මරණ දඬුවම ලබාදී ඇත්තේ ශරීයා නීතියට අනුව බව ඇය පදිංචි මූතූර් ප්‍රදේශයේ ඉස්ලාමීය දේවස්ථානයේ ප්‍රධාන පූජක එම්.එම්. කරීම් පවසනවා. ශුද්ධ වූ කුරාණයට අනුව ඇය වෙත මෙම දඬුවම හිමි වූ බවයි ඔහු කියා සිටියේ. එමෙන්ම අද (11) දිනයේ රිසානා නෆීක් වෙනුවෙන් සිය දේවස්ථානයේ විශේෂ යාඥාවක් පැවැත්වෙන බවද ඔහු සඳහන් කළා.

[MP3]s51242[/MP3]



UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More