ඉන්දු - පාකිස්තාන දේශ සීමාව උණුසුම්.

Friday, 11 January 2013 - 13:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.



ඉන්දු - පාකිස්තාන දේශ සීමාවේ ගැටුම් තවදුරටත් ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා සඳහන් කළා. දෙරට අතර මතභේදයට තුඩුදුන් කාශ්මීරයේ දේශ සීමාව හරහා සිදුකළ වෙඩි තැබීමකින් පාකිස්තාන සොල්දාදුවෙකු මියයාම එහි ආසන්නතම සිද්ධියයි. ප්‍රකෝප කිරීමකින් තොරව එම වෙඩි තැබීම සිදුවු බව පාකිස්තානය ප්‍රකාශ කළ අතර, ඉන්දියාව කියා සිටින්නේ තමන් පාකිස්තාන ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වූ බවයි. මෙය දින 05 ක් තුළ ඉන්දු - පාකිස්තාන දේශ සීමාවෙන් වාර්තා වූ තුන්වන සිද්ධියයි. පසුගිය අඟහරුවාදා කාශ්මීර දේශ සීමා ප්‍රදේශයේදී ඉන්දීය සෙබළුන් දෙදෙනෙකු වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ අතර, ඉරිදා පාකිස්තාන සොල්දාදුවෙකු එවැනි ප්‍රහාරයකින් මියගියා. න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ ඉන්දු -පාකිස්තාන දෙරටින්ම ඇමරිකාව ඉල්ලා සිටියේ ගැටුම්කාරී වාතාවරණය සමනය කිරීමට පියවර ගන්නා ලෙසයි. පසුගිය වසර 60 තුළ ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුම් සියල්ලට මුල්වූයේ කාශ්මීරයයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories