රිසානා වෙනුවෙන් යාඥා සහ විරෝධතා.

Friday, 11 January 2013 - 18:53

%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%A5%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F.

සෞදි අරාබියේ දී මරණ දණ්ඩනයට ලක්වූ රිසානා නෆීක්ගේ මරණය පිළිබදව තවමත් සංවේදී මිනිසුන්ගේ අවධානය යොමුව තිබෙනවා. රිසානාගේ ඝාතනයට විරෝධය පළ කරමින් අදත් විරෝධතා කිහිපයක් මෙන්ම මුස්ලිම් දේවස්ථාන කිහිපයක යාඥා මෙහෙයන් ද සිදුවුණා.

 

රිසානා පදිංචිව සිටි මුතූර් ප්‍රදේශයේ ඉස්ලාමීය දේවස්ථානයේ අද (11) ඇය වෙනුවෙන් විශේෂ යාඥාවක් පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ එම දේවස්ථානයේ ප්‍රධාන පූජක එම්.එම්. කරිම් ප්‍රකාශ කළේ ශුද්ධ වූ කුරානයට අනුව ඇය වෙත මෙම දඩුවම හිමි වූ බවයි.

 
[MP3]s51255_1[/MP3]                                          

 

කොළඹ - ලිප්ටන් වටරවුමට රැස්වූ අයිතීන් උදෙසා වූ කාන්තා ව්‍යාපාරය ද රිසානාගේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව විරෝධතාවක නිරත වුණා. එහිදී අදහස් දැක්වූ  එහි සභාපති නීතිඥ සුමනා බෙනරගම සඳහන් කළේ රජයෙන් නිසි මැදිහත්වීමක් සිදුකළේ නම්  රිසානා බේරා ගැනීමට හැකිවන බවයි.

 

[MP3]s51255_2[/MP3]                                   

 

 

ලක්මව දියණියෝ සංවිධාන ද කොළඹ දී අද (11) පැවැත්වූ මාධ්‍ය හමුවකදී රිසානාගේ මරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා. එහිදී අදහස් දැක්වූ එහි ජාතික සංවිධායකා ප්‍රියංගා කොතලාවල.

 

[MP3]s51255_3[/MP3]                                    

 



රිසානා නෆීක්ගේ මරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ත්‍රිකුණාමලය නගරයේ ද අද (11) උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා. මේ එහිදී අදහස් දැක්වූ විරෝධතාකරුවන් කිහිප දෙනෙක්.

 
[MP3]s51255_4[/MP3]                                                

 

ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක්ගේ මරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය මෙන්ම යුරෝපා සංගමය ද සිය කණස්සල්ල පළ කර තිබුණා. බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යාංශයේ මැදපෙරදිග කටයුතු පිළිබද අමාත්‍ය ඇලෙක්ස්ටෙයාර් බර්ට් ප්‍රකාශ කළේ සෞදි රජය විසින් ඇය මරා දැමීම දැඩි සේ හෙළා දකින බවයි. මෙම පුවතින් තමන් දැඩි කම්පාවට පත්වූ බව යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබද ප්‍රධානී කැතරින් ඇෂ්ටන් ද ඊයේ (10) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

 
රිසානා නෆීක්ට මරණ දඩුවම ලබාදීමට අප්‍රසාදය පළ කරමින් සෞදියේ ශ්‍රී ලංකා තානාපති අහමඞ් ඒ. ජවාඞ් වහාම ක්‍රියාත්මක වන පරිදි යළි මව්බිමට කැදවීමට ද ලක් රජය තීරණය කළා.



නල්ලතන්නිදී කළු කොටියාට උගුල ඇට වු සැකකරුවා අත්අඩංගුවට
Wednesday, 27 May 2020 - 12:05

ලක්ෂපාන වාලමලෙයි වත්තේ මන්ද ඇට වු සැකකරුව වනජිවි නිලධාරින්... Read More

ජලාශ කිහිපයක අවට සිටින ජනතාවට අනතුරු ඇඟවීම්
Wednesday, 27 May 2020 - 11:58

ඊයේ රාත්‍රියේ කලවාන, වැද්දාග, ප්‍රදේශවලට ඇඳ හැලූණු වර්ෂාව... Read More

කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 11:21

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More