අධිකරණ කටයුතු ගැන විවිධ අදහස්.

Friday, 11 January 2013 - 19:31

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A.

දෝෂාභියෝග වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට විරෝධය පළකරමින් ඇතැම් නීතීඥවරුන් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්වීම නිසා අද (11) දෙවන දිනටත් අධිකරණ කටයුතුවලට බාධා සිදුවුණා.

 

නීතිඥවරුන් නොපැමිණීම හේතුවෙන් කොළඹ මහේස්ත්‍රාත්, මහාධිකරණ සහ දිසා අධිකරණවල ඇතැම් නඩු අද (11) දිනයේදී විභාග නොවූ අතර, ඒවා පසුවට කල් තැබීමටයි විනිසුරුවරුන් පියවර ගත්තේ. මේ අතර, කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නීතිඥයින් පිරිසක් අද (11) කළු පටි පැළඳ සාමකාමී විරෝධතාවයකද නිරත වුණා. එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ නීතිඥ සුනිල් වටගල.

 

[MP3]s51264_1[/MP3]                                                          

 

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ස්වාධීන තරුණ නීතීඥ සංගමය දරන්නේ මීට වඩා වෙනස් අදහසක්. මේ එහි ලේකම් නීතීඥ රවීන්ද්‍ර මනෝජ් ගමගේ.

 

[MP3]s51264_2[/MP3]                                                       

 

නීතිඥවරුන්ගේ වර්ජනය හේතුවෙන් උතුරුමැද පළාතේ බොහෝ අධිකරණවල කටයුතුවලට බාධා සිදුවූ බව අනුරාධපුර හිරු වාර්තාකරු උපාලි ආනන්ද ප්‍රකාශ කළා.

 

[MP3]s51264_3[/MP3]                                                 

 



එහෙත් කුරුණෑගල මහාධිකරණය ඇතුළු අනෙකුත් අධිකරණවල අද (11) දිනයේ කටයුතු සුපුරුදු පරිදි සිදුකෙරුණු බව නීතිඥ කිර්ති දුනුසිංහ කියා සිටියා.

 

[MP3]s51264_4[/MP3]                                                   

 

නීතිඥ වර්ජනය හේතුවෙන් උතුරු පළාතේ අධිකරණවල කටයුතුවලට ද බාධා සිදුවුණා. ඒ  සම්බන්ධයෙන් තොරතුරු ගෙන එන වව්නියාව හිරු වාර්තාකරු සනත් ප්‍රියන්ත.

 

[MP3]s51264_5[/MP3]                                              

 

රත්නපුර දිස්ත්‍රික්කයේ අධිකරණ කටයුතුවලට නීතිඥ වර්ජනය බාධාවක් නොවූ බවයි නීතිඥ ප්‍රියන්ත කරුණාතිලක ප්‍රකාශ කළේ.

 

[MP3]s51264_6[/MP3]                                           

 

මේ අතර, දෝෂාභියෝග වාර්තාවට සහාය පළ කරමින් පාර්ලිමේන්තු වට රවුමේදී අද (11) පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වුණා.

 

[MP3]s51264_7[/MP3]