ඩිව්, තිස්ස, ගජධීර සහ රජිව් ඡන්දෙට නෑ. - රංගා විරුද්ධ වෙයි.

Friday, 11 January 2013 - 20:03

%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%8A%2C+%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%2C+%E0%B6%9C%E0%B6%A2%E0%B6%B0%E0%B7%93%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%BB%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%A7+%E0%B6%B1%E0%B7%91.+-+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග වාර්තාව පාර්ලිමේන්තුවේදී මීට ටික වේලාවකට පෙර වැඩි ඡන්ද 106කින් සම්මත වුණා. යෝජනාවට පක්ෂව ඡන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 49 ක් පමණයි.

 

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව විවාදයට ගැනීම ආරම්භ වූයේ ඊයේ දිනයේ සිටයි. දින දෙකක් පුරා පැවැති විවාදය අද (11) පස්වරුවේ අවසන් වුණා.

 

වාර්තාවට ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩුවේ වාමාංශික පක්ෂ නියෝජනය කරන ඩිව් ගුණසේකර, චන්ද්‍රසිරි ගජධීර, තිස්ස විතාරණ යන අමාත්‍යවරුන් සහ රජිව් විජේසිංහ මන්ත්‍රීවරයා සභා ගර්භයේ සිටියේ නැහැ.

 

අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ වයි.ජී. පද්මසිරි මන්ත්‍රීවරයා දෝෂාභියෝග වාර්තාවට පක්ෂව ජන්දය ලබා දුන්නා. 18 වන සංශෝධනයේ දී ආණ්ඩුව සමග එක්ව ජන්දය දුන් ශ්‍රී රංගා මන්ත්‍රීවරයා දෝෂාභියෝග වාර්තාවට විපක්ෂව ජන්දය භාවිතා කළා.



නව ජීවන රටාවකට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස්
Thursday, 28 May 2020 - 11:45

කොවිඩ් 19 ව්‍යාප්තිය වළක්වමින් ‍පොදු මහජන සහ වෘත්තීය ක්‍රියාකාරකම්... Read More

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 351 දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 11:29

කොරෝනා ආසාදනය වූ තවත් නාවික හමුදා සාමාජිකයන් 7 දෙනෙකු පූර්ණ... Read More

කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජයේ අවධානය
Thursday, 28 May 2020 - 11:10

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට... Read More