අගවිනිසුරු ඉවත් කිරීමේ දෝෂාභියෝග යෝජනාව සම්මතයි.

Saturday, 12 January 2013 - 8:01

%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග වාර්තාව පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පස්වරුවේ වැඩි ඡන්ද 106කින් සම්මත වුණා. යෝජනාවට පක්ෂව ඡුන්ද 155 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 49 ක් පමණයි.

 

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව විවාදයට ගැනීම ආරම්භ වූයේ පෙරේදා දිනයේ සිටයි. දින දෙකක් පුරා පැවැති විවාදය ඊයේ (11) පස්වරුවේ අවසන් වුණා.

 

වාර්තාවට ඡන්දය විමසන අවස්ථාවේ ආණ්ඩුවේ වාමාංශික පක්ෂ නියෝජනය කරන ඩිව් ගුණසේකර, චන්ද්‍රසිරි ගජධීර, තිස්ස විතාරණ යන අමාත්‍යවරුන් සහ රජිව් විජේසිංහ මන්ත්‍රීවරයා සභා ගර්භයේ සිටියේ නැහැ.

 

අමාත්‍ය වාසුදේව නානායක්කාර සහ වයි.ජී. පද්මසිරි මන්ත්‍රීවරයා දෝෂාභියෝග වාර්තාවට පක්ෂව ජන්දය ලබා දුන්නා. 18 වන සංශෝධනයේ දී ආණ්ඩුව සමග එක්ව ජන්දය දුන් ශ්‍රී රංගා මන්ත්‍රීවරයා දෝෂාභියෝග වාර්තාවට විපක්ෂව ජන්දය භාවිතා කළා.  

 

එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වාර්තාවට විරුද්ධව ඡන්දය භාවිත කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ සිටියේ නැහැ. දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂයේ තලතා අතුකෝරළ සහ විජයකලා මහේෂ්වරන් යන මන්ත්‍රීවරියන් ද සභා ගර්භයේ රැදී නොසිටි බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ.

 

ඊයේ (11) දිනයේ පාර්ලිමේන්තුවේ තොරතුරු ඇතුළත් මැතිසබය විශේෂාංගය.

 
[MP3]s51279[/MP3]