වයි.ජී. පද්මසිරි ගැන සම සමාජයට ප්‍රශ්ණයක්.

Saturday, 12 January 2013 - 12:32

%E0%B7%80%E0%B6%BA%E0%B7%92.%E0%B6%A2%E0%B7%93.+%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E0%B6%B8%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වයි.ජී.පද්මසිරි සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ලංකා සම සමාජ පක්ෂය සූදානම් වනවා. ඒ අනුව, ඉදිරි සතියේදී ලංකා සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙනු ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. වයි.ජී.පද්මසිරි මන්ත්‍රීවරයා  සම්බන්ධයෙන් විනයානුකූල පියවරක් ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් එහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති. ඊට අමතරව, වයි.ජී.පද්මසිරි මන්ත්‍රීවරයාට ද දෝෂාභියෝග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට හේතු වූ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාවක් ලබාදෙන බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories