තීරණය ජනපති අතේ. - ගොමීන් දයාශ්‍රී.

Saturday, 12 January 2013 - 12:35

%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%9A.+-+%E0%B6%9C%E0%B7%9C%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.

දෝෂාභියෝග වාර්තාව සම්බන්ධයෙන් අවසන් තීරණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතු බව අධි නීතිඥ ගෝමින් දයාශ්‍රී ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අධිනීතීඥ ගොමීන් දයාශ්‍රී සඳහන් කළේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත වී ජනාධිපතිවරයාට ලැබුණ ද එයට අත්සන් තැබීම හෝ නොතැබීම තම අභිමතය පරිදි සිදුකිරීමට ජනාධිපතිවරයාට හැකි බවයි.

 

[MP3]s51288_1[/MP3]                                                                

 

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා වෙත ලබාදුන් වාර්තාවට අත්සන් තබා නැවත එය පාර්ලිමේන්තුවට දැනුම් දීම ලිඛිතව සිදුකිරීම ප්‍රමාණවත් බවයි අධි නීතිඥ ගෝමින් දයාශ්‍රී කියා සිටියා.

 
[MP3]s51288_2[/MP3]                                               

 

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් කළ විමසීමකදී කියා සිටියේ තවමත් ජනාධිපතිවරයා දෝෂාභියෝග වාර්තාවට අත්සන් තබා නොමැති බවයි. කෙසේ වුවත්, ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේ ලබන 18 වැනිදා උදෑසන නව අගවිනිසුරු දිවුරුම්දීම සඳහා මූලික කටයුතු සූදානම් කර ඇති බවයි.