ඩුබායිහි සිටින අනවසර ශ්‍රී ලාංකිකයින්ට තවත් අවස්ථාවක්.

Saturday, 12 January 2013 - 12:54

%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීත්‍යානුකූල නොවන අන්දමින් රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට එරට බලධාරින් ලබාදී ඇති පොදු සමා කාලය තුළදී නැවත මෙරටට පැමිණීමට සහය විය හැකි බව ඩුබායි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සඳහන් කළා. එක්සත් අරාබි එමීරය ලබාදුන් මෙම දින 27 ක පොදු සමා කාලය පෙරබවාරි මස මුල් සතියේ අවසන් වනවා. ඒ යටතේ නීත්‍යානුකූල නොවන අන්දමින් එක්සත් අරාබි එමීරයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට නැවත මෙරටට පැමිණීම සඳහා ගමන් සහ වීසා බලපත්‍ර ලබාදිය හැකි බව කොන්සල් කාර්යාලය සඳහන් කළා. විශේෂයෙන් සිය හාම්පුතුන් විසින් ගමන් බලපත්‍ර රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකික සේවක සේවිකාවන්ට මෙම පියවර ප්‍රයෝජනවත් වනු ඇති. ඩුබායි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සඳහන් කළේ පොදු සමා කාලය ප්‍රකාශයට පත් කළ දින සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි බලපත්‍ර 500 ක් පමණ නිකුත් කළ බවයි. ඔවුන් අතුරෙන් බහුතරයක් පිරිසිදුකරන්නියන් සහ සහායිකාවන් ලෙස එරට සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories