නීති විදුහලේ විදුහල්පති යළිත් විභාග කොමසාරිස්ට ලියයි.

Saturday, 12 January 2013 - 18:53

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


2012 නීති ප්‍රවේශ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණයක් සිදුනොකරන ලෙස නීති විද්‍යාලයේ විදුහල්පති විභාග කොමසාරිස්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා. නීති ප්‍රවේශ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය කර ඒ පිළිබඳ වාර්තාවක් මේ මස 15 වැනිදාට පෙර තමා වෙත ලබාදෙන්නැයි ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්.ඞී. රුද්‍රිගූ මීට පෙර විභාග කොමසාරිස්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා. එහෙත් විදුහල්පතිවරයා ඒ පිළිබඳව නීති අධ්‍යයන සභාවේ අනුමැතිය ලබාගෙන තිබී නැහැ. එම සභාවේ අනුමැතිය නොමැතිව එලෙස විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිය නොහැකියි. ඒ අනුව ඒ බව දන්වා නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා යළි තමා වෙත ලිපියක් එවූ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

2012 නීති ප්‍රවේශ විභාගයේ ප්‍රතිඵලවල විවිධ ගැටළු පවතින බව පාර්ශවයන් කිහිපයක් පසුගියදා පෙන්වා දුන්නා. ඒ අනුව නීති විද්‍යාලයේ සිසුන් ලියාපදිංචිය සතියක කාලයක් සඳහා අත්හිටුවීමටයි නීති විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ඩබ්ලිව්.ඞී. රුද්‍රිගූ පියවර ගත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories